Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ආසියාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරමක් වෙනස් එකකි. ආසියාවේ දී අත්කරගන්නා පරාජකින් පසු “ඉගෙනගන්න දේවල් තියෙනවා” යයි කියමින් ආපසු සියරට බලා යාමට ස්ටීවන් ස්මිත් ඇතුළු පිරිවර සූදානම් නැත. ඕස්ට්‍රේලියානුවන්ගේ උත්සාහය ඉන්දියානුවන්ගේ ගණන් බස්සා ඔවුන්ගේ ජයග්‍රාහී ගමනට අවහිර කිරීමයි. ඒ සඳහා දඟ පන්දුවට මුහුණ දීමේ අභියෝගය බාරගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සූදානමින් සිටිති.
ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (17 වැනිදා) චෙන්නායිහී චිදම්බරන් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
සිය බිරිඳ සැත්කමකට මුහුණ දීම හේතුවෙන් ශීකාර් ධවාන් පළමු එක්දින තරග තුනෙක් ඉවත්වී ඇති අතර ඒ වෙනුවට අජින්ක්‍යා රහනේ කණ්ඩායමට කැඳවා ඇත. පිතිහරඹ අංශය ශක්තිමත් කිරීමට අජින්ක්‍යා රහනේ, රෝහිත් ශර්මා, විරාට් කෝලී, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනී, මනිෂ් පාන්ඬේ හෝ ලෝකේෂ් රාහුල් දෙදෙනාගෙන් අයකු සමගින් ඉන්දියා කණ්ඩායම පිටියට පිවිසෙනු ඇත.
හර්දික් පාන්ඩ්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක්වී ඇති අතර බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා වේගපන්දුවෙන්ද, කුල්දීප් යාදව් සමගින් දඟ පන්දුවෙන් කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා අවස්ථාව හිමිවනුයේ රවින්ද්‍ර ජදේජා හෝ යුස්වේන්ද්‍ර චහල්ගෙන් එක් අයකුට පමණි. අක්ෂර් පටෙල් පුහුණුවීම් අතර තුර ආබාධයකට ලක්වීම හේතුවෙන් රවින්ද්‍ර ජදේජා නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.
උරහිසේ ආබාධයක් හේතුවෙන් ඒරන් ෆින්ච්ට තරග කිහිපයක් අහිමිවී යන අතර ඔහු වෙනුවට ඬේවිඞ් වෝනර් සමගින් ඉනිම ආරම්භක කිරීම සදහා ට්‍රැවිස් හෙඞ් කැඳවා ඇත. වේගපන්දු යවන්නන් තිදෙනෙක් සහ දඟ පන්දු යවන්නකු සමගින් තරගට පිවිසෙන ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සහයට අතිරේක දඟ පන්දු යවන්නකු ලෙස ග්ලෙන් මැක්ස්වෙල් අද කණ්ඩායමට එක්වෙනු ඇත.
තණනිල්ලේ ස්වාභාවය අනුව කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට වැඩි අවස්ථාවක් ඇත. මින් පෙර මෙම ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 264 ක් වුවද දැන් පවතින ක්‍රීඩා රටාව අනුව තරගය ජයගැනීමට ලකුණු 300 කට එහා ලබාගත යුතුව තිබේ.
එක්දින ශ්‍රේණීගත කිරීම්හී සමාන ප්‍රසාද ලකුණු (117) ලබා ගැනීමට දෙපිළම සමත්වී ඇති අතර දශමස්ථානයට ගණනය කිරීමේදී ඕස්ට්‍රේලියාවේ දෙවැනි ස්ථානයත් ඉන්දියාව තෙවැනි ස්ථානයත් හිමිවී ඇත. මෙම තරගාවලිය ජය ගන්නා කණ්ඩායමට එක්දින ශ්‍රේණීගත කිරීම්හී ප්‍රසාද ලකුණු 119 ක් ලබා පළමු ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව පහළට ඇද දමමින් පළමු ස්ථානයට පැමිණීමට අවස්ථාව ඇත.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 123 ක් පවත්වා ඇති අතර ඉන් තරග 41 ක් ඉන්දියාවත් තරග 72 ක් ඕස්ට්‍රේලියාවත් ජයගෙන ඇති අතර තරග 10 ක් විසදුමකින් තොරව අවසන්වී ඇත.
ඉන්දීය සංචිතය
විරාට් කෝලී (නායක), අජින්ක්‍යා රහනේ, රෝහිත් ශර්මා, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනී, මනිෂ් පාන්ඬේ, ලෝකේෂ් රාහුල්, හර්දික් පාන්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, කුල්දීප් යාදව්, මොහොමඞ් ශාමී, උමේෂ් යාදව්, රවින්ද්‍ර ජදේජා සහ යුස්වේන්ද්‍ර චාහල්
ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටිවන් ස්මිත් (නායක), ඬේවිඞ් වෝනර්, ඇශ්ටන් ආගර්, හිල්ටන් කාර්ට්රයිට්, නේතන් කූල්ටර්නයිල්, පැට් කමින්ස්, ජේම්ස් ෆෝක්නර්, ඒරන් ෆින්ච්, පීටර් හැන්ස්කොම්බ්, ට්‍රැවිස් හෙඞ්, ග්ලෙන් මැක්ස්වෙල්, කේන් රිචඞ්සන්, මාකස් ස්ටොයින්ස්, මැතිව් වේඞ් සහ ඇඩම් සම්පා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.