Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (7 වැනිදා) පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
වර්ෂාව නිසා ඉන්දීය ඉනිම ඕවර 6 කට සීමා වූ අතර තරගය ජයගැනීම සඳහා ඔවුන්ට එහිදී ලකුණු 48 ක් රැස්කිරීම ට සිදුවිය. කඩුල්ලක් පමණක් දැවී ඕවර 5.3 කදී එම ඉලක්කය පසුකර ගිය ඉන්දීය ක්‍රීඩකයෝ තරගයෙන් පහසු ජයක් අත්කරගත්හ.
ශිකර් ධවාන් නොදැවී ලකුණු 15 ක්ද, විරාට් කෝලි නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර ඔවුන් දෙදෙනාගේම ඉනිම් වලට හතරේ පහර 3 බැගින් අන්තර්ගත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ඕවර 6.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 55 ලබා සිටියද, තවත් ලකුණු 63 ක් තුළ ඔවුන්ගේ ඉතිරි කඩුලු 9 ම බිඳ හෙළීමට ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒරන් ෆින්ච් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 42 ක් රැස්කරගෙන සිටියදී කුල්දීප් යාදව්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී 118
(ඒරන් ෆින්ච් 42, ග්ලේන් මැක්ස්වෙල් 17, ටිම් පේන් 17, කුල්දීප් යාදව් 16/2, ජස්ප්‍රීත් බුම්රා 17/2)
ඉන්දියාව - ඕවර 5.3 කදී කඩුල්ලක් දැවී 49
(ශිකර් ධවාන් නොදැවී 15, විරාට් කෝලි නොදැවී 22)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.