Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවන්ට කෝටි 450 ක විශේෂ තෑග්ගක්
වි-20 ලෝක කුසලාන 2024

ඉන්දියානුවන්ට කෝටි 450 ක විශේෂ තෑග්ගක්

editorial - 2024 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. ඉන්දීය කණ්ඩායමේ දස්කම්, අධිෂ්ඨානය සහ ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් මෙම මුදල් ත්‍යාගය පිරිනමන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා පැවසීය. 

ඉන්දීය කණ්ඩායමට පිරිනැමෙන විශේෂ ත්‍යාගය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 4500 ක් හෙවත් රුපියල් කෝටි 450 කි. ඉන්දීය කණ්ඩායමට මෙම මුදල හිමිවන්නේ ලෝක කුසලාන ජයග්‍රාකයන්ට හිමි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ත්‍යාග මුදල වන ඩොලර් මිලියන 2.45 ට අමතර වශයෙනි. 

ලෝක කුසලාන ජයගත් ඉන්දියානුවන්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඩොලර් මිලියන 2.45 ක ත්‍යාගයක් පිරිනැමේ. අනුශූරතාව හිමිකරගත් දකුණු අප්‍රිකානුවන්ට ඩොලර් මිලියන 1.28 ක මුදලක් හිමිවිය. 

ලෝක කුෂලාන තරගාවලියේදී සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් නොලද ශ්‍රී ලංකා කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් හිමිවූයේ ඩොලර් 247,500 ක මුදලකි. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 74 කි. 

- 213


අදහස් (1)

ඉන්දියානුවන්ට කෝටි 450 ක විශේෂ තෑග්ගක්
  • Ahmed (Gulf) Tuesday, 02 July 2024 12:44 AM

    මේක බලෙන් දිනාගැනීමක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.