Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ ආකෘති තුනෙන්ම පෙරමුණ ගනිති
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්

ඉන්දියානුවෝ ආකෘති තුනෙන්ම පෙරමුණ ගනිති

editorial - 2023 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිකුරාදා මොහාලි නුවරදී පැවති පළමු එක්දින තරගයේදී ඕස්ටේ්‍රලියාව පරාජය කිරීමෙන් පසු ඉන්දීය කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනෙන්ම අංක එක ස්ථාන හිමි කරගත්තේය. දකුණු අප්‍රිකානුවන්ට පසුව, එවන් ජයග්‍රහණයක් අත්කරගත් දෙවැනි රට වන්නේ ඉන්දියාවයි.

ඕස්ටේ්‍රලියාව පරාජය කිරීමත් සමගින් ඉන්දියානුවෝ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේදී පකිස්ථානය පසුකර ඉහළට ගියහ. මේ වන විට ටෙස්ට් සහ විස්සයි-20 අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුවත් ඉන්දීය කණ්ඩායම අංක 1 ස්ථාන හිමිකරගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දත්ත අනුව මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනෙන්ම එකම අවස්ථාවේදී පෙරමුණ ගෙන ඇත්තේ 2012 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පමණි. කෙසේ වෙතත් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන එක්දින තරගාවලිය ඉතාමත් තීරණාත්මක එකකි.

ඉන්දීය කණ්ඩායම සතුව මේ වන විට ශ්‍රේණිගත ලකුණු 116 ක් ඇති නමුත් ශ්‍රේණිගත ලකුණු 111 ක් ලබා සිටින ඕස්ටේ්‍රලියාව ඉන්දියාව පසුපස පන්නා එමින් සිටී. යම් හෙයකින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක ජයගැනීමට ඕස්ටේ්‍රලියානුවන් සමත් වුවහොත්, ඉන්දියාව නැවතත් පහළට වැටීමට ඉඩ තිබේ.

ඉන්දියාව මෙම තරගාවලිය ජයගතහොත් ඔවුන් එක්දින ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම ලෙසිනි.

- 213


අදහස් (0)

ඉන්දියානුවෝ ආකෘති තුනෙන්ම පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.