Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලිය සම කරති

ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලිය සම කරති

editorial - 2024 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 100 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කළේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ අවේෂ් ඛාන් සහ මුකේෂ් කුමාර් කඩුලු 3 බැගින් දවාගත්හ. 

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු වෙස්ලි මැධිවේරේ පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කළ අතර 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලූක් ජොංවේ පන්දු 26 කින් ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 234 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 47 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 100 ක් රැස්කළේය. 

රුතුරාජ් ගයික්වාද් (නොදැවී 77) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අභිෂේක් සමත් විය. පන්දු 47 කට මුහුණදුන් ගයික්වාද් හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම සැරසූ අතර රිංකු සිං පන්දු 22 කින් නොදැවී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 234
(අභිෂේක් ශර්මා 100, රුතුරාජ් ගයික්වාද් නොදැවී 77, රිංකු සිං නොදැවී 48) 

සිම්බාබ්වේ - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී 134 
(වෙස්ලි මැධිවේරේ 43, බ්‍රයන් බෙනෙට් 26, ලූක් ජොංවේ 33, අවේෂ් ඛාන් 15/3, මුකේෂ් කුමාර් 37/3, රවී බිෂ්නෝයි 11/2)  

-036 


අදහස් (0)

ඉන්දියානුවෝ විස්සයි-20 තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.