Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 95 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු යසස්වි ජයිස්වාල් පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය.
ලකුණු 52 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය ලකුණු 146 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ජස්ප්‍රීට් බුම්රා, රවින්ද්‍ර ජදේජා සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 3 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 233
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 285
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 146
(ශද්මන් ඉස්ලාම් 50, මුෂ්ෆිකුර් රහීම් 37, ජස්ප්‍රීට් බුම්රා 17/3, රවින්ද්‍ර ජදේජා 34/3, රවිචන්ද්‍රන් අෂ්වින් 50/3)
ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 98
(යසස්වි ජයිස්වාල් 51, විරාට් කෝලි නොදැවී 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.