Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් සතු ආධිපත්‍යය නැවත වරක් තහවුරු කළ ඉන්දියානුවෝ, ඩුබායි හිදී අද (04 වැනිදා) පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 4 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ලකුණු 265 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 48.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 267 ක් ලබාගත්තේය.
අගනා පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි ඉන්දීය ඉනිමේ නැංගුරම වෙමින් පන්දු 98 කදී ලකුණු 84 ක් ලබාගත්තේය. ශ්‍රෙයාස් අයියර් (45) සහ ලෝකේෂ් රාහුල් (නොදැවී 42) සාර්ථක පිතිහරඹ දෙකකින් ඉන්දීය පිල ශක්තිමත් කළහ.
ඉන්දීය ඉනිම ආරම්භයේදීම දවාගැනීමේ අවස්ථා කිහිපයක්ම ඕස්ට්‍රේලියානුවන් අතින් ගිළිහී ගියේ දිනයේ වාසිය ඉන්දියානුවන්ට හිමිවන බව කල්තියාම පෙන්නුම් කරමිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ස්මිත් ලකුණු 73 ක් ලබා ගත් අතර වමත් පිතිකරු ඇලෙක්ස් කේරි ලකුණු 61 ක් ලබාගත්හ. මෙම ලකුණු 264, ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ලබාගත් ඉහළම මුළු ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා විය. එහෙත් ඉන්දියානුවෝ එය ලකුණු 267 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වරෙක කඩුලු 7 ට ලකුණු 249 ක් ලබා සිටි නමුත් පන්දු 15 ඇතුළත කඩුලු තුනක් බිඳවැටීම හේතුවෙන් ලකුණු 264 කට දැවී ගියේය. වේග පන්දු යවන මොහොමඩ් ෂාමි ලකුණු 48 කට 3 ක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය. දඟ පන්දු යවන්නන් වන වරුන් චක්‍රවර්ති සහ රවීන්ද්‍ර ජදේජා කඩුලු 2 බැගින් දවා ගත්හ.
ඉනිම ආරම්භයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ශාමි එක දිගට යැවූ පන්දු හයකින් (වයිඩ් පන්දුවක් ද ඇතුළත්) කූපර් කොනලි පරාජය කළේය. හත්වැනි පන්දුවේදී වමත් පිතිකරුවා කඩුලු රකින ලෝකේෂ් රාහුල් වෙත උඩපන්දුවක් දුන්නේය. පිටියේ විනිසුරුවරයා විසින් ඉන්දියානුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද නමුත් එය විතීවි ක්‍රමවේදයට යොමු කරමින් කූපර් කොනලිගේ ඉනිම අවසන් කිරීමට ඉන්දියානුවන්ට හැකිවිය.
වමත් පිතිකරු ට්‍රැවිස් හෙඩ් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ඉන්දියානුවන් හමුවේ සිය සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය ආරම්භ කළේ 2023 ලෝක කුසලාන තරගාවලියේදීත් ඔහු කළ ප්‍රහාරය සිහිපත් කරමිනි. එහෙත් දඟ පන්දු යවන වරූන් චක්‍රවර්ති ඔහුගේ දෙවන පන්දුවේදීම හෙඩ්ගේ ඉනිම අවසන් කළේය.
ස්මිත් සහ මාර්නස් ලැබුෂේන් දඟ පන්දු යවන්නන් හමුවේ කණ්ඩායම ඉදිරියට ගෙන යාමට මහත් වෙහෙසක් ගත්හ. ලැබුෂේන්ට හතරේ පහරක් ලබාගත හැකිවූයේ පන්දු 50 කට පසුවය. කෙසේ වෙතත් ලකුණු 56 ක සම්බන්ධතාවකට පසුව රවීන්ද්‍ර ජදේජා හමුවේ මානස් ලැබුෂේන් දැවී ගියේය.
ස්ටීවන් ස්මිත් තම 35 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනිමින් ඉදිරියට යද්දී අනෙක් පිතිකරුවෝ එකා පසුපස එකා දැවීගියහ. ස්මිත්ට සහයෝගයක් ලැබුණේ ඇලෙක්ස් කේරිගෙන් පමණි. කේරී සමග එක්වූ ස්මිත් තවත් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව ලකුණු 73 කට දැවී ගියේ මොහොමඩ් ෂාමිගෙන් පිත්තටම ලැබුණු පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.
කේරි ද ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කරගනිද්දී බෙන් ඩ්වාර්ෂුයිස් ලකුණු 19 කින් ඉන්දියානුවන්ට එරෙහිව සටන ගෙන ගියේය. එහෙත් ලකුණු 239 දී ඩ්වාර්ෂියුස් දැවී යාමෙන් පසුව ඕස්ට්‍රේලියානුවෝ වල්මත් වූහ.
දේශපාලන හේතූන් මත පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාව ඔවුන්ගේ තරඟ තුනම ඩුබායි හි ක්‍රීඩා කරයි. එහෙත් අන්තර්ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විචාරකයන්ගේ මතය වන්නේ සියලුම තරග ඩුබායි හිදී කීඩා කිරීම ඉන්දියානුවන්ට ඇති අපරිමිත වාසියක් බවයි.
ඕස්ට්‍රේලියාව - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 264 යි
(ට්‍රැවිස් හෙඩ් 39, ස්ටීවන් ස්මිත් 73, මානස් ලැබුෂේන් 29, ජොෂ් ඉංග්ලිෂ් 11, ඇලෙක්ස් කේරි 61, බෙන් ඩ්වාර්ෂියුස් 19, නේතන් එලිස් 10, මොහොමඩ් ශාමි 48/3, වරූන් චක්‍රවර්ති 49/2, රවීන්ද්‍ර ජදේජා 40/2)
ඉන්දියාව - ඕවර 48.1 කදී කඩුලු 6 ක් දැවී 267 යි
(රෝහිත් ෂර්මා 28, විරාට් කෝලි 84, ශ්‍රෙයාස් අයියර් 45, අක්ෂර් පතෙල් 27, ලෝකේෂ් රාහුල් නොදැවී 42, හාර්දික් පාණ්ඩ්‍යා 28, නේතන් එළිස් 49/2, ඇඩම් සම්පා 60/2)
- 213
Gayashan Karunarathna Wednesday, 05 March 2025 11:19 AM
මම හිතන්නේ ඉන්දියාව චැම්පියන්ස් කුසලානය දිනයි කියලා. මන්ද ඔවුන්ගේ දෙපාර්තමේන්තු තුනම බලවත් ශක්තියෙන් ඉටු වන බැවිනි. ඒ වගේම මුළු තරගාවලිය පුරාම ඔවුන්ට වාසියි. ඔවුන් සම්පූර්ණ තරඟ එකම ස්ථානයක ක්‍රීඩා කරයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.