Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 43 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 77 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ අම්බටි රයිඩු (නොදැවී 40) සහ දිනේෂ් කාර්තික් (නොදැවී 38) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. ඔවුන් දෙදෙනාම හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු රැස්කළහ.
මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වන විට ශිකර් ධවාන් (28) පිටියෙන් ඉවත් කිරීමට ටේරන්ට් බෝල්ට් සමත් වූ අතර එතැන් පටන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 123 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා (62) සහ නායක විරාට් කෝලි (60) සමත් වූහ. පන්දු 77 කට මුහුණදුන් ශර්මා හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 74 කදී වාර්තා වූ කෝලිගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ ඕවර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 243 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් ශාමි ඕවර 9 ක් යවමින් ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත්තේය. හර්දීක් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර් සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා ශාමිට අනගි සහයක් දුන්හ.
නවසීලන්ත ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 59 ක් තුළ බිඳවැටුණ අතර ඉනිම ගොඩනැගූ රොස් ටේලර් (93) සහ ටොම් ලේතම් (51) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 119 ක සම්බනධතාවක් පැවැත්වූහ. ශතකය පෙනි පෙනී සිටියදී මොහොමඞ් ශාමිගේ පන්දුවක් හමුවේ දිනේෂ් කාර්තික් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ටේලර්ගේ ඉනිම හතරේ පහර 9 කින් සමන්විත වී තිබිණ.
නවසීලන්තය - ඕවර 49 කදී සියලු දෙනා දැවී 243
(කේන් විලියම්සන් 28, රොස් ටේලර් 93, ටොම් ලේතම් 51, ඩග් බ්‍රාස්වෙල් 15, මොහොමඞ් ශාමි 41/3, හර්දීක් පාණ්ඩ්‍යා 45/2, බුවනේෂ්වර් කුමාර් 46/2, යුස්වේන්ද්‍ර චාහල් 51/2)
ඉන්දියාව - ඕවර 43 කදී කඩුලු 3 ක් දැවී 245
(රෝහිත් ශර්මා 62, ශිකර් ධවාන් 28, විරාට් කෝලි 60, අම්බටි රයිඩු නොදැවී 40, දිනේෂ් කාර්තික් නොදැවී 38, ටේරන්ට් බෝල්ට් 40/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.