Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය බාලිකාවෝ අවසන් මහ තරගයට
බාලිකා ලෝක කුසලාන

ඉන්දීය බාලිකාවෝ අවසන් මහ තරගයට

editorial - 2025 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ බාලිකා ලෝක කුසලානයේ වත්මන් හිමිකාරිණියන් වන ඉන්දීය බාලිකාවෝ සටනකින් තොරවම එංගලන්තය පරාජය කරමින් මෙවරත් ලෝක කුසලාන තරගාවලියේ අවසන්  මහ තරගයටෙ සුදුසුකම් ලබාගත්හ. අද (31 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්ත බාලිකා කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කළ ඉන්දීය බාලිකාවෝ ඉරිදා (02 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් එංගලන්තය වෙනුවෙන් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගත් ඩෙවීනා පෙරින් එක අන්තයකින් ප්‍රතිවාදීන් මෙල්ල කරමින් සිටියදී අනෙක් අන්තයෙන් ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් දැවී ගියහ. එහෙත් පසුබට නොවූ ඩෙවීනා සහ නායිකා ඇබිගේල් නෝග්‍රෝව් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක් එකතු කළහ. 12 වැනි ඕවරයේදී ඩෙවීනා දැවී යන විට පුවරුවේ ලකුණු 81 ක් සටහන් වී තිබිණ. 

ඩෙවීනාගේ දැවී යාමෙන් පසුව තරගයේ පාලනය අතට ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 06 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්තය ලකුණු 113 කට සීමාකළහ. වෛශ්නාවි ෂර්මා පන්දු 4 කින් කඩුලු 3 ක් දවාගත්තාය. 

කමලිනී (නොදැවී 56) සහ ටී්‍රෂා ගොන්ගාදි (35) හමුවේ එංගලන්ත ක්‍රීඩිකාවන්ට පරාජය පිළිගැනීම හැර විකල්පයක් නොතිබිණ. දෙදෙනා අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 60 ක් වූ අතර කමලිනී පන්දු 50 කින් ලබාගත් ලකුණු 56 ට හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ. 


එංගලන්ත බාලිකාවෝ - ඕවර 20 කදී කඩුලු 8 ට 113 යි
(ඩෙවීනා පෙරින් 45, ඇබිගේල් නෝග්‍රෝව් 30, අමුරුතා සුරේන්කුමාර් 14, ආයුශී ෂුක්ලා 21/2, පරුණිකා සිසෝදියා 21/3, වෛශ්ණාවි ෂර්මා 23/3)

ඉන්දීය බාලිකාවෝ - ඕවර 15 කදී කඩුල්ලක් දැවී 117 යි
(කමලිනී නොදැවී 56, ටී්‍රෂා ගොන්ගාදි 35, සානිකා චල්කේ නොදැවී 11)

 

වෛශ්ණාවි ෂර්මා...


අදහස් (0)

ඉන්දීය බාලිකාවෝ අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.