Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ‘ඒ’ පිලට ලකුණු 88 ක ජයක්

ඉන්දීය ‘ඒ’ පිලට ලකුණු 88 ක ජයක්

ශනුක අරවින්ද - 2014 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හදිසි එක්දින තරගාවලියකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය ‘ඒ’ පිල අතර මුම්බායිහිදී අද (30) පැවැති පුහුණු එක්දින තරගයෙන් ඉන්දීය ‘ඒ’ ක‍්‍රීඩකයෝ ලකුණු 88 ක ජයක් ලැබීමට සමත් වූහ. ලකුණු 383 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 294 ක් පමණි.

උපුල් තරංග වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 75 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 76 ක් රැස් කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ‘ඒ’ පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 382 ක් රැස් කළේය.

රෝහිත් ශර්මා (142) සහ මනීෂ් පාණ්ඬේ (නොදැවී 135) දෙවැනි කඩුල්ලට ලකුණු 214 ක සම්බන්ධතාවක් පැවැත්වීමට නිසා මෙම විශාල ලකුණු සංඛ්‍යාව දක්වා යෑමේ අවස්ථාව හිමිවිය.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා පන්දු 111 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 142 ක් රැස් කිරීමට සමත් විය. මනීෂ් පාණ්ඬේ පන්දු 113 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 135 ක් රැස් කළේය.

ධම්මික ප‍්‍රසාද් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 57 කට කඩුලූ 3 ක් දවා ගත්තේය. වේග පන්දු යවන ළහිරු ගමගේ ලකුණු 41 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.

පුහුණු තරගයක් වූ හෙයින් මෙම තරගයේදී පන්දු යැවූ ඇතැම් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ පන්දුවට පහර දීමෙන් වැළකී සිටියහ.

 

ලකුණු පුවරුව

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම

රෝහිත් ශර්මා - දුවද්දී දැවී ගියා                                  142

උන්මුට් චාන්ද් - ඇ. කුමාර් සංගක්කාර ප. ළහිරු ගමගේ            54

මනීෂ් පාණ්ඬේ - නොදැවී                                        135

මනෝජ් තිවාරි - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ධම්මික ප‍්‍රසාද්             36

කීඩර් යාදේව් - ඇ. කුසල් පෙරේරා ප. ධම්මික ප‍්‍රසාද්                0

සංජු සැම්සන් - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ධම්මික ප‍්‍රසාද්               1

ස්ටුවට් බෙනී - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ළහිරු ගමගේ                1

අතිරේක                                                           13

එකතුව  ඕවර 50 යේදී කඩුලූ 6 ක් දැවී                            382

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:

කරුන් නසීර්, කුල්දීප් යාදේව්, කර්න් ශර්මා, පර්විෂ් රසූල්, දාවල් කුල්කරනි

කඩුලූ වැටීම:

1-96(උන්මුට් චාන්ද්), 2-310(රෝහිත් ශර්මා), 3-373(මනෝජ් තිවාරි), 4-373(කේ. එම්. යාදේව්), 5-375(සංජු සැම්සන්), 6-382(ස්ටුවට් බෙනී)

පන්දු යැවීම:

නුවන් කුලසේකර: 6-0-53-0, ධම්මික ප‍්‍රසාද්: 6-0-57-3, ඇන්ජලෝ මැතිව්ස්: 2-0-22-0, තිසර පෙරේරා: 6-0-64-0, ළහිරු ගමගේ: 7-0-41-2, සීකුගේ ප‍්‍රසන්න: 6-0-27-0, සුරාජ් රන්දීව්: 7-0-51-0, චතුරංග ද සිල්වා: 6-0-42-0, තිලකරත්න ඩිල්ෂාන්: 3-0-19-0, අෂාන් ප‍්‍රියංජන්: 1-0-5-0

 

ශ‍්‍රී ලංකා කණ්ඩායම

කුසල් පෙරේරා - ඇ. සංජු සැම්සන් ප. දාවල් කුල්කරනි             4

උපුල් තරංග - ඇ. ස්ටුවට් බෙනී ප. කර්න් ශර්මා                   76

තිලකරත්න ඩිල්ෂාන් - ක. මූ. කළා ප. කර්න් ශර්මා                 14

කුමාර් සංගක්කාර - ඇ. ස්ටුවට් බෙනී ප. පර්විෂ් රසූල්             34

මහේල ජයවර්ධන - ප. කර්න් ශර්මා                               33

ඇන්ජලෝ මැතිව්ස් - ඇ. කරුන් නසීර් ප. කර්න් ශර්මා              3

අෂාන් ප‍්‍රියංජන් - ඇ. කර්න් ශර්මා ප. පර්විෂ් රසූල්                 23

නිරෝෂන් දික්වැල්ල - ප. දාවල් කුල්කරනි                         29

තිසර පෙරේරා - ඇ. රෝහිත් ශර්මා ප. කුල්දීප් යාදේව්              13

සීකුගේ ප‍්‍රසන්න - නොදැවී                                        21

චතුරංග ද සිල්වා - නොදැවී                                       26

අතිරේක                                                           18

එකතුව ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී                             294

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:

සුරාජ් රන්දීව්, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසද්, ළහිරු ගමගේ

කඩුලූ වැටීම:

1-4(කුසල් පෙරේරා), 2-42(තිලකරත්න ඩිල්ෂාන්), 3-111(කුමාර් සංගක්කාර), 4-146(උපුල් තරංග), 5-166(ඇන්ජලෝ මැතිව්ස්), 6-173(මහේල ජයවර්ධන), 7-224(නිරෝෂන් දික්වැල්ල), 8-241(තිසර පෙරේරා), 9-242(අෂාන් ප‍්‍රියංජන්)

පන්දු යැවීම:

දාවල් කුල්කරනි: 7-0-41-2,  ස්ටුවට් බිනී: 7-0-40-0, කර්න් ශර්මා: 10-2-47-4, පර්විෂ් රසූල්: 10-0-56-2, මනීෂ් පාණ්ඬේ: 2-0-12-0, කුල්දීප් යාදේව්: 10-0-48-1, මනෝජ් තිවාරි: 2-0-23-0, කීඩර් යාදේව්: 2-0-16-0

 

- 048


අදහස් (0)

ඉන්දීය ‘ඒ’ පිලට ලකුණු 88 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.