Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉමාම් - හෆීස්ගෙන් සාර්ථක ආරම්භයක්

ඉමාම් - හෆීස්ගෙන් සාර්ථක ආරම්භයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කලකට පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි මොහොමඞ් හෆීස්ගේ ශතකය (126) හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී අද (7 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 255 ක් රැස්කිරීමට සමත්විය.

වසර 2 කට වැඩි කාළයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි මොහොමඞ් හෆීස් සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට අද සමත්විය. මිනිත්තු 260 ක පමණ කාලයක් කඩුල්ලේ රැඳී සිටි හෆීස් පන්දු 208 කට මුහුණදුන් අතර පීටර් සිඞ්ලේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයනක විට හතරේ පහර 15 ක් සමගින් ලකුණු 126 ක් රැස්කිරීමට සමත්විය.

තේ පානය තෙක් කඩුල්ලක් දවාගැනීමට අපොහොසත්වූ ඕස්ට්‍රේලියානු පන්දුයවන්නෝ තේ පානය සඳහා ක්‍රීඩාගාරය වෙත පිවිසියේ ඉතා කනස්සල්ලෙනි. තේ පානයෙන් පසුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පන්දුයවන්නෝ විවේකයේදී සකසාගත් සැලසුම් ක්‍රියාත්මක කරමින් පාකිස්තාන පළමු කඩුල්ල ලෙස ඕවර 2 ක් යාමට මත්තෙන් ඉමාම් උල් හක් ඔවුන් දවාගැනීමට සමත්වුහ.

නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ ටිම් පේන්ගේ අතට උඩපන්දුවක් දෙමින් ඉමාම් උල් හක් දැවීයන විට ලකුණු 76 ක් රැස්කර සිටියේය. මිනිත්තු 245 ක පමණ කාලයක් පන්දුවට පහරදුන් ඉමාම් උල් හක් පන්දු 188 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල සඳහා පැවැත්වූ සම්බන්ධතා අතර පස්වැනියට හොඳම සම්බන්ධතාවය ලෙස ලකුණු 205 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඉමාම් උල් හක් සහ මොහොමඞ් හෆීස් සමත්වූහ.

දිනය නිමාවන විට හැරිස් සොහෙල් ලකුණු 15 ක් සහ මොහොමඞ් අබ්බාස් ලකුණක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.


පාකිස්තානය - ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී 255
(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126)

 


අදහස් (0)

ඉමාම් - හෆීස්ගෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.