Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැති හයවැනි ‘සැපර්ස් 4X4 ජිම්පෝ’ සිවු සක අභියෝග මෝටර් රථ තරගාවලියට සමගාමීව පැවැති මොටෝක්‍රොස් තරගාවලියේදී ති‍්‍රත්ව ජයග‍්‍රහණයක් අත්කරගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සියැට් කණ්ඩායම නියෝජනය කළ ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය.
තරගාවලියේ ප‍්‍රධානම ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගත් ඉවෝන් බී. ගුරුසිංහ, එහි දෙවැනි තරගය ජයගත්තේ පළමු තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගත් තරගකරුවන්වද පසු පසට ඇද දමමිනි. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරග (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) දෙකද පහසුවෙන්ම ජයගනිමින් ඉවෝන් ති‍්‍රත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේය.
යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුව නියෝජනය කළ සමීර පේ‍්‍රමරත්න එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය ජයගැනීමට සමත් වුවද, දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ ජයද සමීර සතුවිය.
අවුරුදු 13 න් පහළ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් තරගය මෙන්ම අවුරුදු 16 න් පහළ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් තරගයද ඉතා දක්ෂ ලෙස ජයගත් ලාබාල කී‍්‍රඩක ඞී. එම්. ඞී. කල්හාර (අවුරුදු 12), ඉන් නොනැවතී ප‍්‍රබල කී‍්‍රඩකයන් රැසක් සහභාගි වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ තෙවැනි ස්ථානයද හිමිකරගත්තේ සියලූ දෙනා පුදුමයට පත්කරමිනි.
යුද හමුදාවේ ඉංජිනේරු බලකාය, ශී‍්‍ර ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම මොටෝක්‍රොස් තරගාවලිය සඳහා යතුරුපැදිකරුවෝ 75 ක් පමණ සහභාගි වූහ.
තරග ප‍්‍රතිඵල
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 10 න් පහළ) පළමු තරගය
1 අංජන වීරවර්ධන
2 මිනුක රත්නායක
3 පැතුම් රෂ්මික
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 10 න් පහළ) දෙවැනි තරගය
1 පැතුම් රෂ්මික
2 අංජන වීරවර්ධන
3 රුවිනු රත්නායක
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය
1 ඩී. එම්. ඩී. කල්හාර
2 කේසර ගොඩගේ
3 ස්ටීවන් ප‍්‍රනාන්දු
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගය
1 ඩී. එම්. ඩී. කල්හාර
2 ස්ටීවන් ප‍්‍රනාන්දු
3 විනුෂ්ක ටී. සිල්වා
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි (සන්නද්ධ සේවා) තරගය
1 බුද්ධික ද සිල්වා
2 සමීර පේ‍්‍රමරත්න
3 මිතුන් ජයසංක සිගේරා
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 නිහාල් විජේරත්න
2 අශේන් ෂෙහාර
3 ජයම්පති දිසානායක
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 බුද්ධික ද සිල්වා
3 ඩී. එම්. ඩී. කල්හාර
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 මධුර පීරිස්
3 නිහාල් විජේරත්න
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 මධුර පීරිස්
3 ළහිරු ජීවන්ත
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 බුද්ධික ද සිල්වා
3 ඉවෝන් බී. ගුරුසිංහ
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 සමීර පේ‍්‍රමරත්න
3 මිතුන් ජයසංක සිගේරා
සමීර පේ‍්‍රමරත්න
ඩී. එම්.ඩී කල්හාර
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගයේ ජයග්‍රාහකයන්...
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝ්ක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගයේ ජයග්‍රාහකයන්...
‘සැපර්ස් ජිම්පෝ’ යතුරුපැදි තරගාවලියේ උණුසුම් අවස්ථා ....
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.