Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් කිෂන්ගෙන් වේගවත්ම ද්විත්ව ශතකය

ඉෂාන් කිෂන්ගෙන් වේගවත්ම ද්විත්ව ශතකය

editorial - 2022 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඉෂාන් කිෂන්, බංග්ලාදේශයට එරෙහිව අද (10 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී, එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වේගවත්ම ද්විත්ව ශතකය ලබාගත්තේය. වසර 51 ක ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ මේ දක්වා වාර්තා වී ඇත්තේ ද්විත්ව ශතක 9 ක් පමණි.

ඉෂාන් කිෂන්ගේ (210) ද්විත්ව ශතකයත් විරාට් කෝලිගේ (113) ශතකයත් නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියානුවෝ සිය ඕවර 50 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 409 ක්  ලබාගත්හ.

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය නායක රෝහිත් ෂර්මා වෙනුවට අද තරගයේදී කණ්ඩායමට එක්වූ කිෂන්, පන්දු 126 කින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. පන්දු 131 කින් ලකුණු 210 ක් ලබාගත් කිෂන්ගේ ඉනිමට හතරේ පහර 24 ක් සහ හයේ පහර 10 ක් ඇතුළත් විය.

කිෂන් සහ විරාට් කෝලි එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 290 ක සම්බන්ධතාව, එක්දින තරග ඉතිහාසයේ ඉහළම සම්බන්ධතා අතර හත්වැන්න ද වෙයි. එමෙන්ම ලකුණු 408, ඉන්දීය කණ්ඩායම එක්දින තරගයකදී ලබාගත් සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද වූයේය.

මෙම තරගයේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබාගත් නමුත් ඉන්දියානුවෝ මේ වන විටත් එක්දින තරගාවලිය පරාජය වී සිටිති. තරගාවලියේ පළමු තරග දෙකේදීම බංග්ලාදේශය ජයගත්තේය.

ඉෂාන් කිෂන්, එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් සිව්වැනි ඉන්දීය පිතිකරුවාය. රෝහිත් ෂර්මා (3 වරක්), සචින් තෙන්ඩුල්කාර් සහ විරෙන්දර් සෙවැග් එක්දින තරගවලදී ද්විත්ව ශතක ලබාගත් සෙසු පිතිකරුවෝ වෙති.

ඉන්දීය ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් පස්වැනි ඕවරයේදීම දැවී ගිය නමුත් හතරේ පහර වැලකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ ඉෂාන් කිෂන්, ඉක්මනින්ම තරගයේ පාලනය අතට ගත්තේය. විරාට් කෝලිගේ ඉතාම පහසු උඩපන්දුවක් බංග්ලාදේශ නායකයා අතින් ගිළිහී ගියද ඒ ගැන නොතැකූ කෝලි සුපුරුදු පිතිහරඹයට පිවිසියේය. එහෙත් වඩාත් ආක්‍රමණශීලී පිතිකරුවා වූ කිෂන්ට සිත් සේ පහරදීමට ඉඩහළ හිටපු නායකයා සුපුරුදු රිද්මයෙන් ලකුණු ලබාගත්තේය.

එබාදත් හොසේන්ගේ පන්දුවක් නරඹන්නන් අතරට යවමින් විරාට් කෝලි, එක්දින ශතකයක් සම්පූර්ණ කළේ වසර දෙක හමාරකට පසුවය. 2019 අගෝස්තුවේදී ඔහුගේ අවසන් එක්දින ශතකය වාර්තා විය. පන්දු 85 කින් ශතකය සම්පූර්ණ කළ කෝලිගේ පන්දු 91 ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 409 යි
(ඉෂාන් කිෂන් 210, විරාට් කෝලි 113, වොෂිංටන් සුන්දර් 37, අක්ෂර් පතෙල් 20, ටස්කින් අහමඩ් 89/2, එබාදත් හොසේන් 80/2, සකිබ් අල් හසන් 68/2)


 

- 213

 


අදහස් (0)

ඉෂාන් කිෂන්ගෙන් වේගවත්ම ද්විත්ව ශතකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.