Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසර මුල සිට පවත්වාගෙන ආ ඉෂාන් දසනායකගේ අපරාජිත වාර්තාව බිඳ දමමින් ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ප්‍රවීන ක්‍රීඩක ගයාන් සඳරුවන් සමත් විය.
ඉවෝන් බී. ගුරුසිංහට පමණක් දෙවැනි වෙමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගය නිමා කළ ගයාන් සඳරුවන්, සෙසු තරගකරුවන් පසුපසට ඇද දමමින් නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද දෙවැනි තරගය ජයගත්තේය.
හිටපු ජාතික මොටෝ ක්‍රොස් ශූරයකු වන ගයාන් සඳරුවන්, සුපර්ක්‍රොස් තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේ වසර 2 කට පමණ පසුවයි. අවසන් වරට ඔහු දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූයේ 2014 වසරේ පැවැති ගාලු මොටෝ ක්‍රොස් තරගාවලියේදීය. විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් වසර 2 කට වැඩි කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි ගයාන්, මේ වසර ආරම්භයේදී නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වුවද, ඔහුට සිය සුපුරුදු දස්කම් අතට පැමිණීමට හැකිවූයේ මෙම තරගාවලියේදීය.
පිට පිට තරගාවලි 6 කදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටි ඉෂාන් දසනායකට මෙම තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය තෙවැනියා ලෙස අවසන් කළ ඉෂාන්ට එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගයේදී හිමිවූයේ 5 වැනි ස්ථානයයි.
එහි දෙවැනි තරගයේ ආරම්භක පිම්මේදී පළමු තරගයේ ජයග්‍රාහකයා බවට පත්වූ ඉවෝන් බී. ගුරුසිංහගේ යතුරුපැදිය හා ගැටීම නිසා බිම ඇද වැටීමෙන් ආබාධයකට ලක්වූ ඉෂාන්ට එම තරගයෙන් ඉවත්වීමට සිදුවිය. උඩු ගුවනේදී සිදුවූ එම අනතුර නිසා ඉවෝන්ටද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.
සෙසු තරගකරුවන් සමග කරට කර තරගයක නිරත වූ යුද හමුදාවේ සමීර ප්‍රේමරත්න පළමු තරගයේ තෙවැනි ස්ථානයටත්, දෙවැනි තරගයේ දෙවැනි ස්ථානයටත් පත්විය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ සහ සන්නද්ධ සේවා එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථාන හිමිකරගැනීමටද ඔහු සමත් විය.
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූයේ උදික ශ්‍රීමාල් මලවිගේ, දේෂාන් සෝලංකි, චමින්ද සිල්වා සහ බුද්ධික දිනේෂ් වැනි එම ඉසව්වේ ප්‍රබල ක්‍රීඩකයන් පසුපසට ඇද දමමිනි.
එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි ඉසව්වේ පළමු තරගය ජයගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් වූයේ ශානුක සඳරුවන් දෙවැනි ස්ථානයට පත්කරමිනි. කෙසේ වුවත් පළමු තරගයේ ජයග්‍රාහකයා වූ ඉවෝන් බී. ගුරුසිංහ දෙවැනි ස්ථානයට පත්කරමින්)එහි දෙවැනි තරගය ජයගැනීමට ශානුක සඳරුවන් සමත් විය.
වයස 13 න් පහළ ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගත් ලාබාල ක්‍රීඩක කේසර ගොඩගේ, ඉන් නොනැවතී වයස 16 න් පහළ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ තෙවැනි ස්ථානයටද පත්වෙමින් දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එක්ව හයවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී ඉකුත් ඉරිදා පැවැත්විණ.
තරග ප්‍රතිඵල
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි තරගය
1 නිහාල් විජේරත්න (කවසාකි කේ. ඩී. එකස්. 125)
2 එම්. එන්. පෙරේරා (කවසාකි කේ. ඩී. එකස්. 125)
3 නිලංක මාවෙල (කවසාකි කේ. ඩී. එකස්. 125)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 13 න් පහළ) තරගය
1 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
2 ඩී. එම්. ඩී. කල්හාර (කේ. ටී. එම්. 85)
3 ඉනුක අමේන්ද්‍ර (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 බුද්ධික ද සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 අසංක උදයංග (හොණ්ඩා සී. ආර්. 125)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 10 න් පහළ) තරගය
1 අංජන වීරවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)
2 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
3 පැතුම් රෂ්මික (යමහා පී. ඩබ්ලිව්. 50)
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 නිහාල් විජේරත්න (කේ. ටී. එම්. 125)
2 අශේන් ෂෙහර (කේ. ටී. එම්. 125)
3 කසුන් විජේසේකර (කවසාකි කේ. ඩී. එක්ස්. 125)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) තරගය
1 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
2 ඩී. එම්. ඩී. කල්හාර (කේ. ටී. එම්. 85)
3 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
එම් කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපිරි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ් 250)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 බුද්ධික ද සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 සමීර ප්‍රේමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 බුද්ධික දිනේෂ් (යමහා වයි. ඉසෙඞ්. 250)
එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) විවෘත යතුරුපැදි තරගය
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 සම්පත් අතපත්තු (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් විවෘත යතුරුපැදි තරගය
1 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 මිතුන් ජයසංක සේගේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
ඉමල් මංචනායක
සමීර ප්‍රේමරත්න
ශානුක සඳරුවන්
ඉවෝන් ගුරුසිංහ
කේසර ගොඩගේ
‘වලව සුපර් ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ උණුසුම් අවස්ථා ...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.