Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට පිටම තෙවැනි වරටත් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමේ අවස්ථාව ඉෂාන් දසනායකට අහිමි කරමින් මෙවර (2017) තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ප්‍රවීණ ක්‍රීඩක ගයාන් සඳරුවන් සමත් විය.
ගයාන් ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් 6 වැනි අවස්ථාව (2004, 2005, 2006, 2007, 2013, 2017) මෙය වීමද, ඔහු ප්‍රධාන පෙලේ සුපර් ක්‍රොස් තරගාවලියකදී දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ වසරකට පමණ පසු වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. අවසන් වරට ගයාන් දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගෙන තිබුණේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ උඩවලවදී පැවැති වලව සුපර් ක්‍රොස් තරගාවලියේදීය.
විජය පුවත් පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය ඉකුත් ඉරිදා මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී නිමාවට පත් වූ අතර එහිදී යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සහ ළහිරු ජීවන්ත නියෝජනය කළ සියැට් කණ්ඩායම සමත් විය.
ඉෂාන් දසනායක සමග කළ කරට කර සටනකින් අනතුරුව එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගත් ගයාන් සඳරුවන්, ධාවන පථය මත කිහිප වරක්ම ඇද වැටීම නිසා එහි දෙවැනි අදියර නිමා කළේ පස්වැනියා ලෙසිනි. කෙසේ වුවත් එම අදියර දෙකේදී ලබාගත් ලකුණු සංඛ්‍යාවන්ගේ එකතුව අනුව ඔහු මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන ලැබීය.
මේ වසරේදී පැවැති සුපර් ක්‍රොස් තරගාවලි තුනකදීම (නරියාකන්ද, කමාන්ඩෝ සහ කැවල්රි) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටි ඉෂාන් දසනායක, මෙම තරගාවලියේදීත් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියරේ අවසන් වටය දක්වාම පෙරමුණේ ගමන් කළේය. එහෙත් ඉතා ආක්‍රමණශීලී විලාශයකින් අවසන් වටය දක්වාම ඉෂාන් පසුපස හඹා ගිය ගයාන් සඳරුවන්, ජයග්‍රාහී සීමාවට මීටර 75 ක් පමණ මෙපිටින් පිහිටි අවසන් වංගුවේදී ඉෂාන් පසුකර යමින් එම අදියරේ ජය තමන් සතුකර ගත්තේය.
දෙවැනි අදියරේද වට 5 ක් පමණ නිමා වන තෙක් පෙරමුණේ ගමන් කළ ගයාන් සඳරුවන්ගේ යතුරුපැදිය එන්ජිම ක්‍රියාවරහිත වීමෙන් එකවරම අතරමග නතර විය. ඒ මොහොතේදී නැවතත් යතුරුපැදිය පණගන්වාගෙන තරගයට අවතීර්ණ වීමට ගයාන් පියවර ගත්තද, සිය යතුරුපැදිය පසුපසින් පැමිණි ජාක් ගුණවර්ධනයේ යතුරුපැදිය හා ගැටීම නිසා ගයාන් ධාවන පථය මැද ඇද වැටිණ. ඉන් අනතුරුවද කිහිප වරක්ම ධාවන පථය මැද ඇද වැටීම නිසා ඔහුට යළිත් සිය සුපුරුද තරග රටාවට අවතීර්ණ වීමට නොහැකි වූ අතර දෙවැනි අදියරේ පස්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමටද සිදුවිය.
ගයාන්ට පමණක් දෙවැනි වෙමින් පළමු අදියර අවසන් කළ ඉෂාන් දසනායක, සිය යතුරුපැදියේ එන්ජිමේ හටගෙන තිබූ කාර්මික දෝශයක් නිසා දෙවැනි අදියරට සහභාගි නොවූ අතර ඔහු නියෝජනය කරන ටී. වී. එස්. කණ්ඩායමේ සෙසු සාමාජිකයා වන ජාක් ගුණවර්ධන එම අදියර ජයගත්තේය. අදියර දෙකේදීම ඉතා දක්ෂ ලෙස තරග වැදුණ ඉවෝන් බී. ගුරුසිංහ පළමු අදියරේ තෙවැනි ස්ථානයටත්, දෙවැනි අදියරේ දෙවැනි ස්ථානයටත් පත්විය.
එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ අදියර දෙකම ජය ගනිමින් එම ඉසව්වේ වැඩි ගෞරව දිනාගැනීමට ඉමාල් මංචනායක සමත් විය. එම අදියර දෙක පුරා ඉමාල් පසුපස හඹාගිය උදික ශ්‍රීමාල් මලවිගේට අදියර දෙකේම දෙවැනි ස්ථාන වලින් සෑහීමකට පත්වීමට සිදු වූ අතර දේෂාන් සොලංකි පළමු අදියරේ තෙවැනි ස්ථානයටද, බුද්ධික දිනේෂ් දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයටද පත්වූහ.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකම ඉතා පහසුවෙන් ජයගත් ඉවෝන් බී. ගුරුසිංහ යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකටද හිමිකම් කීවේය. ළහිරු ජීවන්ත සහ ශානුක සඳරුවන් අතරේ එම අදියර දෙකේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හුවමාරු විය.
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) තරගය ජයගැනීමට කේසර ගොඩගේ සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය ජයගැනීමට ජපන් ජාතික සැටෝ තයිසුකේ සමත් විය. වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගනු ලැබුවේ මිනුක රත්නායක විසිනි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ ජෝන් කීල්ස් යන සමාගම් එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.
යතුරුපැදි තරග ප්‍රතිඵල
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 ඉරෝෂ් සමීරසේකර (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ඇසල මදනායක (යමහා පී. ඩබ්ලිව්. 50)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 65 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 13 න් පහළ)
1 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
2 තාරුක රුමීෂ (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 දේමිත ජයවර්ධන (කේ. ටී. එම්. 85)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 16 න් පහළ)
1 සැටෝ තයිසුකේ (කේ. ටී. එම්. 85)
2 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
3 ඩී. එම්. ඩී. කල්හාර (කේ. ටී. එම්. 85)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 එම්. එන්. පෙරේරා (කේ. ටී. එම්. 125)
2 නිහාල් විජේරත්න (කේ. ටී. එම්. 125)
3 ජයම්පති දිසානායක (ජී. යූ. එස්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් පළමු යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 උද්දික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් දෙවැනි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 උද්දික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 බුද්ධික දිනේෂ් (ඩිමාක් 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ජාක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
ඉෂාන් දසනායක |
ඉවෝන් බී. ගුරුසිංහ |
ඉමාල් මංචනායක |
ජාක් ගුණවර්ධන |
ගනර් සුපර්ක්‍රෝස් යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා සඳහා
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.