Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතනයට පළමු තරගයේදීම විශිෂ්ට ජයක්

ඉසිපතනයට පළමු තරගයේදීම විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

පාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය (2014) ආරම්භ කරමින් අද (30 වැනිදා) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 50-5 කින් තර්ස්ටන් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලැබූ අතර තර්ස්ටන් විදුහල උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.

ලීග් ශූරයන් වන ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම තර්ස්ටන් විදුහල් පිලට දැඩි පීඩනයක් යොමු කළ අතර ඒ හේතුවෙන් ලකුණු 33-0 ක් ලෙස ඉසිපතන විදුහල පෙරමුණේ සිටියදී පළමු අර්ධය අවසන් විය.

ඉසිපතන විදුහල් සෙන්ටර් ක‍්‍රීඩක චතුර ඩිල්ෂාන් විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් උත්සාහක දිනුම් හතරක් සම්පූර්ණ කරමින් සහ ගෝල ප‍්‍රවර්ථන පහක් සාර්ථක කරගැනීම කැපීපෙනුණි.

ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම් දෙකක්, අසිත පුංචිහේවා සහ අෂාන් ඩාලින් උත්සාහක දිනුම බැගින් ද ඉසිපතන විදුහලට එකතු කිරීමට සමත් වූහ.

තර්ස්ටන් විදුහල ලබාගත් එකම උත්සාහක දිනුම ජනිත් චතුරංග සම්පූර්ණ කළේය.
තරගාවලියේ දෙවැනි තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර අද (01) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

 

ඉසිපතන - තර්ස්ටන් රග්බි තරගයේ විශේෂ අවස්ථා...
(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 


අදහස් (0)

ඉසිපතනයට පළමු තරගයේදීම විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.