Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉසිපතන - විද්‍යා විදුහල අවසන් තරගයට

ඉසිපතන - විද්‍යා විදුහල අවසන් තරගයට

Nisanka Sandeepani - 2017 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා මයිලෝ කුසලාන අවුරුදු 16 න් පහළ පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය පිල සමත්විය.

මෙම විදුහල් දෙක අවසන් මහා තරගයට එක්වූයේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ ඉරිදා පැවැති කුසලාන වටයේ අවසන් පූර්ව තරගවලදී ධර්මරාජ විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල පරාජය කරමිනි. 

ධර්මරාජ විදුහල් පිලට එරෙහිව විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ ඉසිපතනයේ යොවුන් ක්‍රීඩකයන් ලකුණු 39 - 7 ක ජයක් වාර්තා කළේ ගෝල 3 ක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී ධර්මරාජයේ ක්‍රීඩකයන්ට ගෝලයකට වඩා වාර්තා කිරීමට ඉඩ නොලැබිණි. 

විද්‍යා විද්‍යාලය හමුවේ කිංග්ස්වුඞ් විදුහල පරාජයට පත්වූයේ ලකුණු 22-5 කිනි. තරගය පුරා ගෝල 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට විද්‍යා විද්‍යාලය සමත්වෙද්දී කිංස්වුඞ් විදුහලට රැස් කිරිමට හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි. 

පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් පිල ලකුණු 12-10 කින් පරදවා ලුම්බිණි විදුහල සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට ඩී.එස්.සේනානායක විදුහල් පිල සමත්විය. එම තරගයේදී ඩී.එස්. ක්‍රීඩකයන් ගෝලයක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර සාන්ත ජෝන් විදුහලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් දෙකක් පමණි. 

විද්‍යාර්ථ විදුහල ලකුණු 10-8 කින් පරාජය කිරීමට සමත්වූ තර්ස්ටන් විදුහල වෙස්ලි විදුහල සමග බඳුන ශූරතා අවසන් මහා තරගයට එක්වී සිටි. 

මරදාන සහිරා විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මැදි විදුහල පීරිසි ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඇහැලියගොඩ මැදි විදුහලට සහ කොළඹ අශෝක විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගවලදී ජයග්‍රහණ අත්කර ගනිමිනි. 

ඇහැලියගොඩ මැදි විදුහල සමග පැවැති තරගයෙන් සහිරා විදුහල ලකුණු 41-0 ක ජයක් ලබද්දී ලලිත් ඇතුලත්මුදලි විදුහල ලකුණු 15-10 කින් අශෝක විදුහල පරාජය කළේය. 

මේ තරගාවලියේ පළිහ ශූරතා අවසන් පූර්ව වටයේදී නාලන්දා විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල් පිල ලකුණු 20-0 ක පහසු ජයක් වාර්තා කළ අතර මහනාම විදුහල ලකුණු 19-7 කින් පරාජය කිරීමට පිළියන්දල මැදි විදුහල සමත්විය.

අවසන් මහා තරග ඔක්තෝබර් මස 1 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පෙරවරු 9.00 සිට පැවැත්වෙයි. 

 


අදහස් (0)

ඉසිපතන - විද්‍යා විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.