Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේදී වෙස්ලි විදුහල් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 22-17 ක ජයක් අත්කරගැනීමට ඉසිපතන විදුහල් පිල සමත්විය. සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (20 වැනිදා) පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම වෙස්ලි ක්‍රීඩකයන් දැඩි පසුබෑමකට හා පීඩනයකට ඇද දැමූ ඉසිපතන ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේ ගෝල් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
වෙස්ලි පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල 2ක් සහ දඬුවම් පහරක් පමණි. තරගය පුරා කැපී පෙනෙන දස්කම් පෑ ඉසිපතනයේ චමත් කල්හාර උත්සාහක දිනුම් දෙකක්ම තැබීමට සමත්විය.
තරගයේ ලකුණු ලබාගැනීම ආරම්භ කරමින් කල්හාර තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ ඉසිපතනයේ නායක මනෙල්ක රුබේරු විසිනි. අනතුරුව ප්‍රතිවාදී සීමාව අසළ රෝලිං මෝල් අවස්ථාවකින් ප්‍රයෝජනය ගත් කල්හාර සිය දෙවැනි උත්සාහක දිනුමත් තැබුවේ වෙස්ලි ක්‍රීඩකයන් අසරණ කරමිනි. එම උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට රුබේරු අසමත්වූවත් ලකුණු 12-0 කින් ඉදිරියට යාමට ඉසිපතනයට හැකිවිය.
ඊට මිනිත්තු කිහිපයකට පසුව ඉසිපතනයට තුන්වැනි උත්සාහක දිනුම ගෙනදීමට අශාන් රත්නායක සමත්විය. ඔහුගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ රුබේරු සිය කණ්ඩායම ලකුණු 19-0 කින් ඉහළට ඔසවා තැබූ අතර පළමුභාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී දඬුවම් පහරක් ද සාර්ථක කරමින් ඉසිපතනය ලකුණු 22-0 කින් පෙරට තැබුවේය.
දෙවැනි භාගය ආරම්භයේදී වෙස්ලි පිලේ ක්‍රීඩකයෝ තරමක ජවයකින් යුතුව ක්‍රීඩා කරමින් උත්සාහක දිනුමක් තැබුහ. තීක්ෂණ විතානගේ මීටර් 30ක් පමණ වේගයෙන් දිව යමින් තැබූ උත්සාහක දිනුම ෆුල් බෑක් ක්‍රීඩක මුර්ෂිද් සුබේර් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු 7 ක් ලබාගත්තේය. මොහොතකට පසුව වෙස්ලි විදුහලට දෙවැනි උත්සාහක දිනුම ගෙන දුන්නේ මුර්ෂිද් සුබේර්ය. ඔහු විසින්ම එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු 14 ක් වෙස්ලි පිලට අත්විය.
අවසන් මිනිත්තු දහය දෙපිලටම තීරණාත්මක වූ අතර යළි ක්‍රියාත්මක වූ මුර්ෂිද් ඔහුට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරමින් වෙස්ලි පිල ලකුණු 17කින් ඉදිරියට ගෙන ගියේය.
ඉසිපතන විදුහල - ලකුණු 22 යි
■ උත්සාහක දිනුම් 3 යි.
චමත් කල්හාර 2 යි, අෂාන් රත්නායක
■ ප්‍රවර්තන
මනෙල්ක රුබේරු 2 යි
■ දඬුවම් පහර
මනෙල්ක රුබේරු 1 යි
වෙස්ලි විදුහල - ලකුණු 17 යි
■ උත්සාහක දිනුම් 2යි.
තීක්ෂණ විතානගේ, මුර්ෂිද් සුබේර්
■ ප්‍රවර්තන
මුර්ෂිද් සුබේර් 2 යි
■ දඬුවම් පහර
මුර්ෂිද් සුබේර් 1යි
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.