Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාජාහිදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට විසදුමකින් තොරව අවසන් කිරීමේ මානසිකත්වයකින් කිසිදු අවස්ථාවක නොයන බවත් එම තරගය ජය ලබා 2-0 ක් ලෙස තරගාවලිය අවසන් කිරීම ශ‍්‍රී ලංකා පිලේ එකම අරමුණ බවත් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ඩුබායිහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දක්වමින් ඇන්ජලෝ මෙසේ ද පැවසීය.
”අපි කොහෙත්ම ඊළග තරගය විසදුමකින් තොරව අවසන් කරනවා යැයි කියන මානසිකත්වයට යන්නේ නෑ, එවිට අපේ මනස සෘණ පැත්තට හැරෙනවා. අපි කිසිදු අවස්ථාවක පාකිස්තානයට පොඩි හෝ අවස්ථාවක්වත් දෙන්න සූදානම් නෑ, එවැනි අවස්ථාවක් ලැබුණොත් ඔවුන් අපිව පාගලම දානවා. ඒ නිසා අවසන් තරගයත් ජය ලබා 2-0 ක් ලෙස තරගාවලිය ජය ලැබීම අපේ එකම අරමුණයි”
”පාකිස්තානුවන්ට එරෙහිව ක‍්‍රීඩා කරන විට අපි කණ්ඩායමක් ලෙස සෑම අවස්ථාවකම ධනාත්මකව ක‍්‍රීඩා කරනවා. අපි පසුගිය වතාවේ එතරම් සාර්ථක වුණේ නෑ. කණ්ඩායමේ සියලූම දෙනාගේ අදහස් එකතු කරලා ධනාත්මකව කණ්ඩායමක් හැටියට ක‍්‍රීඩා කිරීම නිසා මේ ජයග‍්‍රහණය ලැබීමේ අවස්ථාව ලැබුණා”
”පළමු දිනය අතහැරියොත් මෙය සාමාන්‍ය ඩුබායි තණතිල්ලක්. නමුත් දග පන්දු යවන්නන්ට එතරම් සාර්ථක වෙන්න බැරි වුණා. පළමු දිනයේ වේග පන්දු යවන්නනට ඉතාමත් යෝග්‍ය වුණා, ඊට පසුව මන්දගාමි වුණා, මම හිතන්නේ මේක පිතිකරුවන්ට ටිකක් හො`දයි”
මෙම තරගයට ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා පිලේ 11 දෙනාගෙන් හතර දෙකනුම කඩුලූ රකින්නන් වීම නිසා අවස්ථානූකූල පන්දු යවන්නකු ලෙස කුමාර් සංගක්කාර කැදවීමට සිදුවීම පිළිබදව කළ විමසුමේදී මැතිව්ස් මෙසේ පැවසීය.
”නෑ. අපේ අංක 1 කඩුලූ රකින්නා ප‍්‍රසන්න ජයවර්ධන. ඔහුව කිසිදු අවස්ථාවක වෙනස් කරන්න බෑ, ටෙස්ට් තරගයට එන්නේ හො`දම පන්දු යවන්නන් සමගයි.
ටෙස්ට් තරගවලදී පන්දු යවන්නන් ආබාධවලට ලක් වෙනවා යැයි උපකල්පනය කර වෙනත් ක‍්‍රීඩකයකු යොදා ගැනීමේ හැකියාවක් නෑ. අපි දැක්කා පාකිස්තානු පිලේ බිලාවල් භාටි ආබාධයකට ලක්වුණා, එහිදී මිස්බා අපහසුතාවට පත්වුණා. ඒ හතර දෙනා කඩුලූ රකින්නන් වුණාට දක්‍ෂ පිතිකරුවන් ඔවුන්ගේ යුතුකම ඉටු කළා. සාජා තණතිල්ල හාත්පසින්ම වෙනස් වුණොත් මිස කණ්ඩයමේ වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් නෑ”
මහේල ජයවර්ධන ආබාධයට ලක්ව සිටීම නිසා සාජා තරගයේ සහභාගිත්වය පිළිබ`දව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.
”මහේල අවසන් (සාජා) ටෙස්ට් තරගයට අනිවාර්යෙන් ක‍්‍රීඩා කරනවා. ඔහු අපේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා, ඔහුගේ උපදෙස් අපිට ඉතාමත් වැදගත්”
”රංගන හේරත් සහ මහේල ජයවර්ධන එක්දින කණ්ඩායමේ සිටියා නම් මීට වඩා හො`දින් එම තරගාවලියත් අවසන් කරන්න තිබුණා. අපි පළමු එක්දින තරගය අරන් බැලූවොත් එය ලකුණු 11 කින් පරාජයට පත් නොවුණා නම් එක්දින තරගාවලිය අපි ජය ලබනවා. ඇතැම් සංචාරවලදී ක‍්‍රීඩකයන්ගේ අවශ්‍යතා අනුව මෙවැනි දේ විය හැකියි. අමතක නොකළ යුතුයි, ඔවුන් වෙනුවට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයොත් ඉතාමත් හොදයි”
”පළමු තරගය දැඩි සටනකින් පසුව රැකගත්තා, මේ ජයග‍්‍රහණයට කාසියේ වාසිය ඉතාමත් වැදගත් වුණා. විශේෂයෙන්ම වේග පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවා, ඒ වගේම පිතිකරුවන් ලකුණු රැස්කළා කණ්ඩායමක් හැටියට සියලූම අංශවලින් ඉදිරියට ආපු නිසා ජයග‍්‍රහණය කළා” යැයි ඇන්ජලෝ මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ‍්‍රී ලංකා පිලට මෙම තරගයේදී සියලූම ගෞරව හිමිවිය යුතු බවයි.
”මේ තරගයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධයක් බවට පත්වුණා. ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන් හොදින් පන්දු යැවීම නිසා අපේ පළමු ඉනිම ලකුණු 165 කට සීමා වුණා. දෙවැනි ඉනිමේදී අපි සටනක් දුන්නා, තව පැය දෙකක් කඩුලූ ආරක්‍ෂා කර ගත්තා නම් වෙනසක් වෙන්න තිවුණා. නමුත් අපේ අවසන් කඩුලූ ඉක්මනින් දැවී ගියා” යැයි මිස්බා උල් හක් වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.