Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උදය ත්‍රිත්ව ශූරතා දිනාගනී

උදය ත්‍රිත්ව ශූරතා දිනාගනී

ශානුක අරවින්ද - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 73 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජයේ උදය රණසිංහ සමත් විය.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ සුපුන වරුසවිතාන පරාජය කරමින් පිරිමි කේවල ශූරතාවට හිමිකම් කී උදය, මාස් ඉන්ටිමේට්ස් ආයතනයේ නිර්මල ජයසිංහ සමග එක්ව පිරිමි යුගල ශූරතාවද, මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාවද දිනාගත්තේය.

පිරිමි යුගල අවසන් මහ තරගයේදී උදය සහ නිර්මල හමුවේ වට 3-1 ක් ලෙස ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිණිගේ පරාජයට පත් වූ අතර මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී උදය සහ බිමන්දි හමුවේ වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සජිත් කාවින්ද සහ නුවනි නවෝද්‍යා පරාජයට පත් වූහ.

මේ අතර මෙවර තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ හංසනී පියුමිලා සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස කොළඹ කාන්තා විද්‍යාලයේ ජිතාරා වර්ණකුලසූරිය පරාජය කරමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය.

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගී සහ ශ්‍රි ලංකා යුද හමුදාවේ නුවනි නවෝද්‍යා කාන්තා යුගල ශූරතාවට හිමිකම් කීවේ එහි අවසන් මහ වට 3-2 ක් ලෙස මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාර සහ කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි පරාජය කරමිනි.

මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 227 දෙනෙක් පමණ සහභාගී වූ අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සහ යොවුන් කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සහභාගි විය.

තරග ප්‍රතිඵල
විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) විසින් තරග වට 4-0 ක් ලෙස සුපුන වරුසවිතාන (මොරටුව විශ්වවිද්‍යාලය) පරාජය කරන ලදි. (11/07, 11/07, 11/07, 12/10)

විවෘත කාන්තා කේවල
හංසනී පියුමිලා (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් තරග වට 4-1 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විද්‍යාලය) පරාජය කරන ලදි. (11/06, 11/09, 11/09, 08/11, 11/09)

විවෘත පිරිමි යුගල
උදය රණසිංහ (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්ස් ආයතනය) විසින් වට 3-1 ලෙස රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) පරාජය කරන ලදිහ. (11/05, 13/11, 06/11, 16/14)

විවෘත කාන්තා යුගල
ඉෂාරා මධුරංගී (ශ්‍රි ලංකා වරාය අධිකාරිය) සහ නුවනි නවෝද්‍යා (ශ්‍රි ලංකා යුද හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදහ. (05/11, 11/07, 11/07, 04/11, 11/06)

විවෘත මිශ්‍ර යුගල
උදය රණසිංහ (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජය) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සජිත් කාවින්ද සහ නුවනි නවෝද්‍යා (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (11/07, 11/09, 11/08)


අදහස් (0)

උදය ත්‍රිත්ව ශූරතා දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.