Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උපුල් තරංගට අයි. සී. සී. අනුමැතිය

උපුල් තරංගට අයි. සී. සී. අනුමැතිය

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජීවන් මෙන්ඩිස් තුවාල ලැබීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමට උපුල් තරංග එක්කර ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව කළ ඉල්ලීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණිික කමිටුවේ අවසරය ලැබී තිබේ. ඒ අනුව ජීවන් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් ඉවත්වන අතර ඉක්මනින්ම නැවතත් ශී‍්‍ර ලංකාව බලා පිටත්ව යනු ඇත.

”උපුල් තරංග අද (බදාදා) රාති‍්‍රයේ මෙල්බර්න් නුවරට පැමිණෙවා. ඔහු මේ (බංග්ලාදේශයට එරෙහිව) තරගයට කී‍්‍රඩා කරන්නත් පුළුවන් තත්ත්වයක ඉන්නවා”

”ඒත් ඒ ගැන අවසන් තීරණයක් ගන්නේ කණ්ඩායමේ කළමණාකාරීත්වය හා තේරීම් කමිටුව සාකච්ඡුා කිරීමෙන් පසුවයි” යයි ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (25 වැනිදා) මෙල්බර්න් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡවෙදී පැවසීය.

පුහුණු වීම් වලදී පාදයේ කලව පිටුපස මස්පිඬුවක් ඇදීම නිසා අබාධයකට ලක්වූ ජීවන් මෙන්ඩිස්ට අඩුම තරමේ සති දෙකක් හෝ තුනක් විවේක ගැනීම අවශ්‍ය බවද මැතිව්ස් වැඩිදුරටත් කියා සිටියේය.

ජීවන් මෙන්ඩිස් වෙනුවට කණ්ඩායමට එක්වූ උපුල් තරංග එක්දින තරග 176 කදී ලකුණු 5339 ලබා සිටින අතර ඔහුගේ එක්දින තරගයක සාමාන්‍යය 33.57 කි. මෙම ලකුණු සංඛ්‍යාවට එක්දින ශතක 13 ක් ඇතුළත් වී තිබේ. තරංග අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ පසුගිය නොවැම්බර් මාසයේදී ශී‍්‍ර ලංකා පිල ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී කටාක්හිදීය.

ශාරීරික ආබාධයක් හෝ අසනීපයක් හේතුවෙන් කිසියම් කී‍්‍රඩකයකු සංචිතයෙන් ඉවත් වුවහොත් ඔහුට නැවතත් කණ්ඩායමට එක්විය හැකිවන්නේ එවැනිම හේතුවක් මත සංචිතයේ වෙනත් කී‍්‍රඩකයකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවුවහොත් පමණි.

කී‍්‍රඩකයකුට ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් වීමට නම් ඔහුගේ අසනීපය හෝ ශාරීරික ආබාධය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වෛද්‍යවරුන් විසින් තහවුරු කළ යුතුය. වෙනත් කී‍්‍රඩකයකුගේ ආගමනය සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අවසරයද ලැබිය යුතුය.

ජෙෆ් ඇලරිඞ්ස්, කැම්බෙල් ජැමීසන්, ජෝන් හාන්ඩන්, ගැවින් ලාසන්, රසල් ආනල්ඞ් සහ සන්ජේ මන්ජ්රේකාර් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ සාමාජිකයෝ වෙති.


අදහස් (0)

උපුල් තරංගට අයි. සී. සී. අනුමැතිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.