Last Update  :  2024-12-26 15:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උමයංග අවසන් පූර්ව වටයට
ආසියානු බොක්සිං ශූරතාවලිය

උමයංග අවසන් පූර්ව වටයට

editorial - 2024 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු බොක්සිං ශූරතාවලියේ 7 වැනි දිනය වූ ඊයේ (6 වැනිදා) පැවැති පිරිමි අර්ධ අවසන් පූර්ව තරගයකදී ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට 21 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩක උමයංග මිහිරාන් සමත් විය. 

කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතිය යටතේ තරග වැදුණ උමයංග, එහි අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියානු ක්‍රීඩක මුහම්මද් අබ්දුල් පරාජය කරමිනි. එළබෙන 8 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී උස්බැකිස්තාන ක්‍රීඩක අසිල්බෙක් ජලිලොව්ට එරෙහිව උමයංග තරග බිමට පිවිසෙනු ඇත. 

ඊයේ පැවැති අර්ධ අවසන් අවසන් පූර්ව තරගවලට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වූ නුවන් ජිනදාසට සහ රවිඳු කුමාරට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එහිදී කිලෝ ග්‍රෑම් 48 ලයිට් ෆ්ලයි බර පංතිය යටතේ තරග වැදුණ නුවන්, ජපානයේ ඇටකේ කසුමා හමුවේද, කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පංතිය යටතේ තරග වැදුණ රවිඳු, කසකස්කානයේ සබිර්ඛාන් මඛ්මුද් හමුවේද පරාජයට පත්වූහ. 

උස්බැකිස්තානය, කසකස්තානය, චීනය සහ සත්කාරක තායිලන්තය වැනි ප්‍රබල රටවල්ද සමග රටවල් 21 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 28 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා තායිලන්තයේ චෑන්ග් චෑන්ග් මෙයිහිදි පැවැත්වේ. 


අදහස් (0)

උමයංග අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.