Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු බොක්සිං ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට 21 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩක උමයංග මිහිරාන් සමත් විය. අවසන් පූර්ව තරගයේදී උස්බැකිස්තාන ක්‍රීඩක අසිල්බෙක් ජලිලොව් හමුවේ පරාජය වීම හේතුවෙන් මිහිරාන්ට එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් කරා යෑමට නොහැකි විය.
මිහිරාන් ෆ්ලයි බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියානු ක්‍රීඩක මුහම්මද් අබ්දුල් පරාජය කරමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ආසියානු බොක්සිං ශූරතාවලියකදී පදක්කමක් දිනාගත්තේ වසර 37 කට පසුව වන අතර අවසන් වරට එහිදී ලෝකඩ පදක්කමක් දිනා තිබුණේ පී.එල්.ජේ. රත්නසූරිය 1987 වසරේ කුවේට්හිදීය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගි වූ අතර ඔවුන්ගෙන් 7 දෙනෙක් නිතරගයෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. කෙසේ වුවත් මිහිරාන් හැරුණුකොට අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යෑමට සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපොහොසත් වූහ.
උස්බැකිස්තානය, කසකස්තානය, චීනය සහ සත්කාරක තායිලන්තය වැනි ප්‍රබල රටවල්ද සමග රටවල් 21 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 28 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා තායිලන්තයේ චෑන්ග් මෙයිහිදි පැවැත්වේ. මෙම තරගාවලියේදී දිනාගත් පදක්කමත් සමග මිහිරාන්ගේ මීලඟ ඉලක්කය වී ඇත්තේ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.