Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩකයන් සිව්දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගයේදී ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට උෂාන් පෙරේරා සමත් වූවත් වට 8 ක අවසන් මීටර් 200 තුළදී ඔහු පසුකර යමින් තරගය ජය ගැනීමට දිනේෂ් ජයවර්ධන සමත් විය. තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) තරගය ජයගනිමින් දිනේෂ් ජයවර්ධන, දක්ෂතම මෝටර් රථ රියැදුරා බවටද පත්විය.
‘සියැට් - ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ශූරතාවලියේ දෙවැනි අදියර පන්නල මෝටර් රථ ධාවන පථයේදී ඉකුත් සති අන්තයේදී පැවැත්විණ.
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්දන විද්‍යුත් විසරණ) තරග දෙකම ජය ගැනීමට චන්දිම ගුණරත්න සමත් වූයේ එම තරග දෙකේදීම රංජය දිසානායක දෙවැනි ස්ථානයට පත්කරමිනි. එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) ‘මිනි 7’ මෝටර් රථ තරගය සහ එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය ජයගත් අජිත් කීර්ති, මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේය.
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය ජය ගැනීමට කුෂාන් පීරිස් සමත් වූ අතර එම කාණ්ඩයේම ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය ජය ගැනීමට රජිත් උළුවිට සමත් විය. එස්. එල්. එච්. කාණ්ඩයේ (සි ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ ජය මාලික කුරුවිටාරච්චිටද, එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයේ ජය එම්ඩාඞ් හුසේන්ටද හිමි විය.
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා සියැට් සමාගම ලෙස කටයුතු කළේය.
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 අජිත් කීර්ති (ඔටෝබස්ක් මිනි 1000)
2 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)
3 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)
2 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)
3 ධනුෂ්ක සුරවීර (නිසාන් මාර්ච් 997)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 අජිත් කීර්ති (ඔටෝබස්ක් මිනි 1050)
2 රොහාන් ද සිල්වා (ඔස්ටින් මිනි 1000)
3 මයිකල් විජේසූරිය (ඔස්ටින් මිනි 1050)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 එම්ඩාඞ් හුසේන් (හොණ්ඩා සිවික් 1618)
2 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1618)
3 චන්දිම ගුණරත්න (හොණ්ඩා ඊ. ජී. VI 1618)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 ලලින් ෂෙහාන් (ඔස්ටින් මිනි 1275)
2 ඩුලෝන් මොතීෂ (ඔස්ටින් මිනි 1275)
3 චානක ජීවන්ත (ඔස්ටින් මිනි 1275)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ පළමු තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
2 රංජය දිසානායක (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
3 අයේෂ් බණ්ඩාර (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා* මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2000)
2 චමින්ද වීරසූරිය (සුබාරු ලෙගාසි 2000)
3 ශිරාන් ඩූල් (සුබාරු ලෙගාසි 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
3 චරිත් පෙරේරා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ පළමු තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
2 රංජය දිසානායක (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
3 කෙවින් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
2 රන්දික නිරෝෂන් (මැස්ඩා ෆැමීලියා 1500)
3 තරිඳු ධර්මරත්න (මැස්ඩා ෆැමීලියා 1500)
|
|
|
|
|
පන්නල මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප- ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.