Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වූහ. සුපිරි 8 දෙනාගේ වටයේදී එංගලන්තය ලැබූ දෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග දෙවැනි කොටසේ පෙරමුණ ගැනීමටද ඔවුන්ට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක පහසු ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 9.4 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක ජොස් බට්ලර් පන්දු 38 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ඔහුට අනගි සහායක් දුන් පිලිප් සෝල්ට් පන්දු 21 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකාවට ක්‍රිස් ජෝඩාන් ප්රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝඩාන් ඕවර 2.5 ක් යවමින් ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සමගිනි. ආදිල් රෂීඞ් සහ සෑම් කරන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඇමරිකානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා දායකත්වය දැක්වූහ.
ඇමරිකානු පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිතිෂ් කුමාර් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර කෝරි ඇන්ඩසන් පන්දු 28 කින් ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.
ඇමරිකාව - ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 115
(නිතිෂ් කුමාර් 30, කෝරි ඇන්ඩසන් 29, හර්මීට් සිං 21, ක්‍රිස් ජෝඩාන් 10/4, ආදිල් රෂීඞ් 13/2, සෑම් කරන් 23/2)
එංගලන්තය - ඕවර 9.4 කදී කිසිවකු නොදැවී 117
(පිලිප් සෝල්ට් නොදැවී 25, ජොස් බට්ලර් නොදැවී 83)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.