Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පරස්පර විරෝධීකම් මොනවට කියාදුන් එංගලන්ත ක්රීඩිකවෝ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව චෙස්ටර් ලී ස්ටී්රට්හිදී අද (09 වැනිදා) පැවැති පළමු වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්පත් කරගත්හ. එංගලන්ත කාන්තා පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගත් නමුත් අද පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 30.2 කදී ලකුණු 106 කට දැවී ගියේය.
ජයග්‍රහණය සඳහා වූ ලකුණු 107 ලබාගැනීමට එංගලන්ත පිතිකාරිණියන්ට අවශ්‍ය වූයේ ඕවර 18 කි. ඉලක්කය පහසු වූවත්, ටැමී බියුමන්ට් (32) සහ හෙදර් නයිට් (22) දෙදෙනා තරමක් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූහ.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායිකා හෙදර් නයිට්, පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය.
වමතින් වේග පන්දු යවන මහීකා ගෞර් (26/3) ඕවර තුනක් ඇතුළත චමරි අතපත්තු (10) සහ අනුෂ්කා සංජීවනී දෙදෙනාගේම ඉනිම නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසට ඇද දැම්මාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් හර්ෂිතා සමරවික්‍රම (35) හැරෙන්නට අනෙක් සියලු දෙනාම ලකුණු 11 කට අඩුවෙන් දැවී ගියහ. එහෙත් අතිරේක ලකුණු නම් 14 ක් ම තිබිණ.
පා දඟ පන්දු යවන්නී සාරා ග්ලෙන් (30/3) සහ ම`ඳ වේග පන්දු යවන්නී ලෝරීන් ෆිලර් (27/3) එක්ව ඕවර 13 කදී ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ පසුකොටස හපකර දැමූහ.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 106 යි
(චමරි අතපත්තු 10, හර්ෂිතා සමරවික්‍රම 35, හසිනි පෙරේරා 10, මහීකා ගෞර් 26/3, සාරා ග්ලෙන් 30/3, ලෝරීන් ෆිලර් 27/3)
එංගලන්ත කාන්තාවෝ - ඕවර 18 කදී කඩුලු 3 ක් දැවී 107 යි
(එමා ලෑම්බ් 27, ටැමී බියුමන්ට් 32, හෙදර් නයිට් 22, මයියා බවුචර් නොදැවී 17)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.