Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත තරගාවලිය ශක්තියක් කරගන්නවා - මැතිව්ස්

එංගලන්ත තරගාවලිය ශක්තියක් කරගන්නවා - මැතිව්ස්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

එංගලන්ත පිලට එරෙහිව මේ මස 26 වැනිදා ආරම්භ වන තරග හතකින් සමන්විත ‘හීරෝ කුසලාන’ එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශක්තියක් කර ගනිමින් සාර්ථක කණ්ඩායමක් නිර්මාණය කරන්නා බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසිය.

මෙම තරගාවලිය පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් අද (20) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද පැවසීය.

‘‘අපි ඉන්දීය සංචාරයේදී හොදින් ක‍්‍රීඩා නොකළ බව හැමෝම පිළිගන්නවා. එහිදී පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුනෙන්ම අපි අසාර්ථක වුණා. ඒ නිසා මෙම එංගලන්ත තරගාවලිය අපිට හයියක් කියලා හිතනවා’’

‘‘එක තරගාවලියක් පරාජය වුණා කියලා කණ්ඩායමක් දුර්වලයි කියන්න බෑ. අපිට තව විකල්ප තියෙනවා. ක‍්‍රීඩකයන් කීප දෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙම තරගාවලියේදී සියලූ දේවල් කරන්නේ නෑ’’

‘‘ඉන්දීය සංචාරයට යන විට සූදානමක් නෑ කියලා කිව්වා තමයි. රංගන, මාලිංග, සචිත‍්‍ර වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයන් නොමැතිව ඒ තරගාවලියට ගියේ. අපි ඉන්දියාවේදී දිගටම පුහුණුවීම් කළා. ඒ වගේම තරගවලට සහභාගි වීමත් ඉතාමත් හොද පුහුණුවක්, මෙම තරගාවලියට හොද සූදානමින් ඉන්නවා කියන්න පුළුවන්’’ යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් රාත‍්‍රී කාලයේ අන්තර්ජාලයේ සැසි සැරීම තරග පරාජයට හේතුව බව ක‍්‍රීඩා අමාත්‍යවරයා කළේ යැයි කියන ප‍්‍රකාශයක් පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.

‘‘එහෙම චෝදනාවක් මට දැනගන්න නෑ. ක‍්‍රීඩකයන් තනි තනි කාමරවල ඉන්නේ. කණ්ඩායම හෝටලයට ගියාට පසුව මම හෝ කළමණාකරු හෝ ක‍්‍රීඩකයන්ගේ කාමරවලට යන්නේ නෑ. ඒ නිසා ඔවුන් මොනවද කරන්නේ කියලා මම දන්නේ නෑ’’

මෙහිදී අදහස් දැක්වූ එංගලන්ත පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රබල කණ්ඩායමක් බවත් එයට මුහුණ දීමට තරුණ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත තම කණ්ඩායම සූදානම් බවයි.

‘‘ලෝක කුසලාන තරගාවලිය පිළිබදව නොව, පළමුව අපි මේ තරගාවලිය ජය ගැනීමටයි සූදානම් වෙන්නේ. ඒ සදහා මෙම තරගාවලියට පූර්ණ අවධානය යොමු කරනවා’’ යැයි එංගලන්ත නායකයා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු මහතා පැවසුවේ තරුණ ක‍්‍රීඩකයන්ට පීඩනයට මුහුණ දීමට අපහසු කණ්ඩායමක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටින බවත් තරුණ ක‍්‍රීඩකයන්ට පීඩනය හුරුකිරීමට නම් ප‍්‍රබල කණ්ඩායම් සමග තරග ලබාදිය යුතු බවත්ය.

ඇන්ජලෝ මැතිව්ස් සහ ඇලෙස්ටියාර් කුක් ‘හීරෝ කුසලාන’ සමග. හීරෝ සමාගමේ ශ්‍රී ලංකා කළමණාකරු ලෝකේෂ් ගායි මහතා ද මෙහි සිටියි.  

ඡයාරූපය: ශාන්ත රත්නායක    

 


අදහස් (4)

එංගලන්ත තරගාවලිය ශක්තියක් කරගන්නවා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.