Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන ටේරවර් බේලිස් මහතා පත්කර ඇත. ඒ අනුව එංගලන්තය කි‍්‍රකට් පාලක මණ්ඩලය සිය කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම පරණ සතුරකුට ලබාදී ඇති අතර එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ පළමු ඕස්ටේ‍්‍රලියානුවා වන්නේ ද ටේරවර් බේලිස් මහතාය.
‘අළු බඳුන’ තරගාවලිය ආරම්භ වීමට සති 16 ක කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වන 52 හැවිරිදි ටේරවර් බේලිස්ට එංගලන්ත කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම පැවරී තිබේ. එංගලන්ත කණ්ඩායම අවසන වරට පැවැති අළු බඳුන කුසලානය 5-0 ලෙස නින්දා සහගත ලෙස පරාජයට පත්විය.
”මා පුදුමයට පත්කරන කරුණ නම්, මට වැඩකරන්න ලැබිලා තියෙන්නේ තරුණ දක්ෂ කී‍්‍රඩකයන් පිරිසක් සමඟ. මා තරයේ විශ්වාස කරනවා කණ්ඩායමට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලා””මා දිගින් දිගටම සාර්ථකත්වය අත්පත් කරගැනීමටත් ඔවුන්ගේ හැකියාවන් අවබෝධ කරගැනීමටත් හැකි සෑමදෙයක්ම කරනවා” යැයි පුහුණුකරු තනතුර බාරගැනීමෙන් පසුව ටේරවර් බේලිස් මහතා පැවසීය.
ටේරවර් බෙලීස් මහතාට පෙර එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරු දැරුවේ පීටර් මුවර්ස් මහතාය. එහෙත් ලෝක කුසලාන තරගාවලියේදී අත් වූ පරාජයත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම වීමත් හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් තනතුරද අහිමි විය.
”පුහුණුකරුවකු ලෙස ටේරවර්ට ඉතා විශාල පිළිගැනීමක් තියෙනවා. ඔහුට ජාත්‍යන්තර අත්දැකීම් රැුසක් තියෙනවා. එමෙන්ම කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ටේරවර්ට තියෙන්නේ ඉහළ පිළිගැනීමක්’’ යැයි එංගලන්ත කි‍්‍රකට් පිලේ අධ්‍යක්ෂක, හිටපු ටෙස්ට් කී‍්‍රඩක ඇන්ඩෘ ස්ට්‍රෝස් මහතා පැවසීය.
”දේශීය තරග බිමේදී පමණක් නොව ජාත්‍යන්තරයේදී පවා ඔහුගේ දක්ෂතා පෙන්නුම් කරලා තියෙනවා. ඔහු පුද්ගල කළමනාකරණයෙහි සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගවලදී ජයග‍්‍රාහී කණ්ඩායම් බිහිකිරීමේ හැකියාව ද ඔහු පෙන්නුම් කර තිබෙනවා” යැයිද ස්ට්‍රෝස් මහතා වැඩිදුරටත් කීය.
එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාර තනතුර බාරගන්නා විටම බේලිස් මහතාට පැවරෙන්නේ සුවිශාල වගකීමකි. ඉකුත් වසරේ පැවැති ‘අළු බඳුන’ තරගාවලිය ලැජ්ජා සහගත ලෙස 5-0 පරාජයක් එංගලන්තයට උරුම වීමත්, ඒ හරහා පිටියේත් පිටියෙන් පිටත ගැටළුකාරී තත්ත්වයන්ට එංගලන්ත මුහුණදීමත් ඒවා පුවත්පත් මැවීමත් යන කරුණු හේතුවෙනි.
ඉකුත් මාස 18 කාලයේදී, මතභේදකාරී ප‍්‍රකාශ නිකුත් කළ කෙවින් පීටර්සන් එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කෙරුණු අතර, කළමනාකාරීත්වයට ඔහුට චෝදනා කළේ කණ්ඩායම තුළ භේදකාරී ලෙස හැසුරුණු බව ප‍්‍රකාශ කරමිනි. ඒ සමඟම 2013-2014 ‘අළු බඳුන’ තරගාවලියේදී එංගලන්තයේදී අතිශය ඛේදජනක ඉරණමකට මුහුණදීමට සිදුවිය.
එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක පෝල් ඩවුන්ටවුන් සිය තනතුරෙන් ඉවත්ව ගියේ, ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවීමේ වගකීම බාරගත්තක් මෙනි. එංගලන්ත කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත්වීමේ වන්දිය ගෙවීමට සිදුවූයේද පෝල් ඩවුන්ටවුන්ටය.
ඇන්ඩෘ ස්ට්‍රෝස් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නකු වන ජේසන් ගිලෙප්සි එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුරුට පත්කිරීමට නියමිතව තිබූණද ටේරවර්ගේ වාර්තා ඉහළ මට්ටමේ තිබීම නිසා ඔහු පුහුණුකරු තනතුරුට තෝරාගැනීමට එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.
2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහ තරගය දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම කැඳවා ගෙනයෑමට බේලිස් මහතා සුවිශේෂී මෙහෙයක් ඉටු කළ අතර ඔහු පුහුණුකරු වශයෙන් කටයුතු කරද්දි නිව් සවුත් වේල්ස් කණ්ඩායම දෙවරක් ෂෙෆීල්ඞ් පළිහ දිනාගැනීමට ද සමත්විය.
විස්සයි විස්ස තරග රටාවේදීද ටේරවර් බේලිස් තමා දක්ෂතා පෙන්නුම් කර ඇති අතර 2012 වසරේදී බිග් බෑෂ් ශූරතාව දිනූ හා චැම්පියන්ස් ලීග් ශූරතාව දිනූ සිඞ්නි සික්සර්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරය ද 2012 වසරේ හා 2014 වසරේ ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනූ කොල්කටා නයිට් රයිඩරස් කණ්ඩායමේ පුහුණුකරු තනතුරද හෙබවූයේ ටේරවර් බේලිස්ය.
”කෙටි තරග රටාවේදී ඔහු දක්වන විශේෂඥතාව ඉදිරි වසර හතරේදී පැවැත්වෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරග ඉසව් තුනේදී ඉතා වැදගත් වෙනවා”
”2016 වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2017 වසරේ එංගලන්තයේදී වේල්ස්හිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය හා ලෝක කුසලාන තරගාවලියේදී ඔහු සහාය බෙහෙවින් අවශ්‍ය වේවි” යයි ඇන්ඩෘ ස්ට්‍රෝස් මහතා වැඩිදුරටත් පැවසීය.
‘අළු බඳුන’ තරගාවලිය ජූලි 8 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.