Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර වුස්ටර්හිදී පැවැත්වෙන සිවුදින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 324 ක් ලබාගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 185 ක් ඉදිරියෙන් සිටියි.
එහිදී හම්සා ශෙයික් හතරේ පහර 7 ක් සමග ලකුණු 91 ක්ද, කේසි ඇල්ඩි්‍රජ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 78 ක්ද රැස්කරමින් එංගලන්ත ලයන්ස් ඉනිම සවිමත් කළහ. ලයන්ස් ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වූහ.
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොබ් යේට්ස් (25) සහ බෙන් මැකිනී (46) සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර මැකිනීගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින්ද, යේට්ස් හතරේ පහර 3 කින්ද සමන්විත විය. ඔලිවර් ප්‍රයිස් සහ ජේම්ස් රෙව් ලකුණු 22 බැගින් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් වූ අතර එංගලන්ත ලයන්ස් ඉනිමේ අරම්භක කඩුල්ලේ සම්බන්ධතාව බිඳදමනු ලැබුවේද ප්‍රභාත් විසිනි. කසුන් රාජිත කඩුලු 2 ක්ද, මිලාන් රත්නායක සහ ළහිරු කුමාර කඩුල්ල බැගින්ද බිඳහෙළමින් එංගලන්ත ලයන්ස් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ප්‍රභාත්ට සහාය දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 139 කට සීමා කිරීමට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සමාන් අක්තර් ලකුණු 32 කට කඩුලු 5 ක්ද, ජොෂ් හුල් ලකුණු 30 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් රැස්කළ අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 12 බැගින්ද, නිෂාන් මධුෂංක සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11 බැගින්ද ලබා සිටියදී දැවී ගිය අතර නායක ධනංජය ද සිල්වාට ලබාගත හැකි වූයේ 2 ක් පමණි.
ශ්‍රී ලංකා පළමු ඉනිම - සියලු දෙනා දැවී 139
(දිමුත් කරුණාරත්න 26, කුසල් මෙන්ඩිස් 12, දිනේෂ් චන්දිමාල් 12, ප්‍රභාත් ජයසූරිය 20, මිලාන් රත්නායක 17, සමාන් අක්තර් 32/5, ජොෂ් හුල් 30/3)
එංගලන්ත ලයන්ස් පිල - සියලු දෙනා දැවී 324
(රොබ් යේට්ස් 25, බෙන් මැකිනී 46, ඔලිවර් ප්‍රයිස් 22, හම්සා ශෙයික් 91, ජේම්ස් රෙව් 22, කේසි ඇල්ඩි්‍රජ් 78, ප්‍රභාත් ජයසූරිය 102/5, කසුන් රාජිත 51/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.