Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර (2023) එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඔක්තෝබර් මස 5 වැනිදා හයිද්‍රාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. අවසන් වරට (2019) පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ එංගලන්තයට එරෙහිව එවර අනුශූරයන් බවට පත්වූ නවසීලන්තය එහිදී තරග බිමට පිවිසීමට නියමිතය.
අහමදාබාද් හැරුණු කොට හයිද්‍රාබාද්, චෙන්නායි, බැංගලෝර්, කොල්කටා, දිල්ලි, ඉන්දෝර්, ධර්ම්ශාලා, ගුවහටි, රාජ්කෝට්, රායිපූර් සහ මුම්බායි යන ප්‍රදේශවලදී මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීමට නියමිත අතර මොහාලි සහ නාග්පූර් යන ප්‍රදේශ එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී එක් අවසන් පූර්ව තරගයක් පැවැත්වෙනු ඇති බවටද තොරතුරු වාර්තා වේ.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර සත්කාරක ඉන්දියාව සමගින්, එංගලන්තය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල් මේ වන විටත් ඊට සුදුසුකම් ලබා ඇත. සෙසු කණ්ඩායම් දෙක තෝරාගැනීම සඳහා එළබෙන ජූනි සහ ජූලි මාසවල සිම්බාබ්වේහිදී තේරීම් තරගාවලියක් පැවැත්වේ.
ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, නෙදර්ලන්තය, අයර්ලන්තය, නේපාලය, ඕමානය, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, ඇමරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම සුදුසුකම් තරගාවලියේදී තරග වදින අතර එම කණ්ඩායම් 10 අතරින් කණ්ඩායම් දෙකකට පමණක් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා අවස්ථාව උදාවනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.