Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (24) පැවැති සිවුවැනි තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 57 ක ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගාවලියේ පළමු තරග තුන ජය ලබා තරගාවලිය ජය ලැබීමෙන් අනතුරුව තරගාවලිය 5-0 ක් ලෙස ජය ලැබීමේ බලාපොරොත්තුවෙන් ඕස්ටේ‍්‍රලියාව පසු වූ නමත් එංගලන්තය ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 3-1 ක් බවට පත්ව තිබේ.
ජයග‍්‍රහණය සදහා ලකුණු 317 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 47.4 කදී ලකුණු 259 කට සීමා සිය.
එංගලන්ත පිලේ 22 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක බෙන් ස්ටෝක්ස් දකුණතින් වේග පන්දු යවමින් ලකුණු 39 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය. තරගයේ වීරයා බවට පත්වූ බෙන් ස්ටෝක්ස් පන්දු 84 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 70 ක් ද රැස් කිරීමට සමත් විය. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ජෝස් බට්ලර් පන්දු 43 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 71 ක් රැස්කරමින් එංගලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 316 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් පන්දු 111 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 108 ක් රැස් කළ ද මැද පෙළ පිතිකරුවන් ඉනිම ගොඩනැගීමට අසමත්වීම නිසා ඉලක්කය කරා යෑමට ඕස්ටේ‍්‍රලියාවට නොහැකි විය.
එංගලන්ත පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 316
(ඇලිස්ටෙයාර් කුක් 44, ඉයන් බෙල් 55, බෙන් ස්ටෝක්ස් 70, ඔයින් මෝගන් 33, ජෝස් බට්ලර් 71, ජේම්ස් ෆෝක්නර් 67/4)
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 259
(ඒරන් ෆින්ච් 108, මැතිව් වේඞ් 23, ග්ලේන් මැක්ස්වෙල් 26, ඩැනියල් ක‍්‍රිස්ටියන් 23, ටිම් බ්‍රෙස්නන් 45/3, බෙන් ස්ටෝක්ස් 39/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.