Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය කොදෙව්වන්ගේ අපරාජිත බව බිඳ දමයි
වි-20 ලෝක කුසලාන 2024

එංගලන්තය කොදෙව්වන්ගේ අපරාජිත බව බිඳ දමයි

editorial - 2024 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්තය අතර ශාන්ත ලුසියාහි ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. එංගලන්තයේ එම ජයත් සමග පිට පිටම තරග 4 ක් ජයගෙන සිටි කොදෙව්වන්ගේ අපරාජිත බව බිඳවැටිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 181 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් පන්දු 47 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 87 ක් රැස්කිරීමට සමත් විය.ෙ

ජොනී බෙයාස්ටෝ (නොදැවී 48) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සෝල්ට් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 26 කට මුහුණදුන් බෙයාස්ටෝ හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කෙ‍ාදෙව්වෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්හ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝමන් පවෙල් පන්දු 17 කදී හයේ පහර 5 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. නිකලස් පූරන් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක්ද, ජොන්සන් චාල්ස් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් කොදෙව් ඉනිම ගොඩනැගූහ.  

බ්‍රෙන්ඩන් කිං (23) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ‍චාල්ස්, ඉන් නොනැවතී නිලසල් පූරන් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක්ද පිහිටුවමින් කොදෙව් ඉනිම ගොඩනැගූහ. චාල්ස්ගේ දැවී ‍යෑමෙන් අනතුරුව රෝමන් පවෙල් සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහ‍ා පන්දු 23 කදී ලකුණු 43 ක් එක් කිරීමටද පූරන් සමත් විය.

 

බ.ඉ. කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 180    
(බෙන්ඩන් කිං 23, ජොන්සන් චාල්ස් 38, නිකලස් පූරන් 36, රෝමන් පවෙල් 36, ශර්ෆේන් රදර්ෆෝඩ් නොදැවී 28)

එංගලන්තය - ඕවර 17.3 කදී කඩුලු 2 ක් දැවී 181
(පිලිප් සෝල්ට් නොදැවී 87, ජොස් බට්ලර් 25, ජොනී‍ බෙයාස්‍ටෝ නොදැවී 48)

 


අදහස් (0)

එංගලන්තය කොදෙව්වන්ගේ අපරාජිත බව බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.