Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය විස්සයි20 තරගාවලිය සම කරයි

එංගලන්තය විස්සයි20 තරගාවලිය සම කරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද එංගලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එංගලන්ත කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 12 ක් රැස්කිරීමට සිදුවූ අතර බුවනේෂ්වර් කුමාර් යැවූ එම ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවලට පිළිවෙලින් හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග්‍රහ කළ ඇලෙක්ස් හේල්ස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළේය.
 
එංගලන්ත ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි හේල්ස් තරගය නිමාවන තෙක්ම පිටියේ රැදී සිටිමින් පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කළේය. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑම සඳහා හේල්ස්ට අනිග සහායක් දුන් ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 18 කදී ලකුණු 28 ක් රැස්කළේ හයේ පහර 2 ක්ද සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ මුලු කඩුලු 3 ලකුණු 22 ක් තුළ බිඳ දැමීමට එංගලන්ත වේග පන්දු යවන්නෝ සමත් වූහ. අඩ පණ වී තිබූ ඉන්දීය ඉනිමට නව ජවයක් එක් කළ නායක විරාට් කෝලි පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 47 ක් රැස්කළේය.

සුරේෂ් රයිනා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, මහේන්ද්‍ර සිං දෝනි හතරේ පහර 5 ක් සමගින් නොදැවි ලකුණු 32 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 148
(විරාට් කෝලි 47, සුරේෂ් රයිනා 27, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 32)

එංගලන්තය - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 149
(ජේසන් රෝයි 15, ජොස් බට්ලර් 14, ඇලෙක්ස් හේල්ස් නොදැවී 58, ඔයින් මෝගන් 17, ජොනී බෙයාස්ට්‍රෝ 28, උමේෂ් යාදව් 36/2)


- 036  

 


අදහස් (0)

එංගලන්තය විස්සයි20 තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.