Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය සුපිරි 8 දෙනාගේ වටයට
වි-20 ලෝක කුසලාන 2024

එංගලන්තය සුපිරි 8 දෙනාගේ වටයට

editorial - 2024 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ශාන්ත ලුසියාහි ග්‍රොස් අයිලට් නුවර සිට..)   

මූලික වටය ය‍ටතේ ඊයේ (15 වැනිදා) පැවැති තරගවලදී නැමීබියාව පරාජය කිරීමට එංගලන්තයත්, ස්කොට්ලන්තය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවත් සමත්වීම හේතුවෙන් මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට එංගලන්තය සමත් විය.

එම තරග දෙකට පෙර ස්කොට්ලන්තය ලකුණු 5 ක්ද, එංගලන්තය ලකුණු 3 ක්ද ලබා පිළිවෙලින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ දෙවැනි ස්ථානවල පසුවිය. කෙසේ වුවත් පෙරේදා පැවැති තරගයකදී එංගලන්තය ජය ලැබීමත් සමග ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගිය අතර ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසියේය.

පෙරේදා පැවැති තරගයකදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙන් ස්කොට්ලන්තයේ සතුව පැවැති ලකුණු සංඛ්‍යාවේ කිසිදු වෙනසක් නොවූ අතර ශුද්ධ ලකුණු වේගය එංගලන්තයට වඩා පහළ අගයක පැවතීම හේතුවෙන් ඔවුන්ට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

එංගලන්තය සහ නැමීබියාව අතර ඇන්ටිගාහිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ඕවර 10 කට සීමා වූ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය නැමීබියාවට කඩුලු 3 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 84 ක් පමණි. ඒ අනුව එංගලන්තයට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 41 ක ජයක් හිමිවිය.

ශාන්ත ලුසියාහිදී ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දෙමින් ස්කොට්ලන්තය කඩුලු 5 ක් දැවී ලබාගත් ලකුණු 180 පසුකර යෑම සඳහා ඕස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ඕවර 19.4 ක් වැය කළේය.

 

එංගලන්තය සහ නැමීබියාව අතර ඇන්ටිගාහිදී

එංගලන්තය - ඕවර 10 කදී කඩුලු 5 කට 122
(ජොනී බෙයාස්ටෝ 31, ‍හැරී බෘක් නොදැවී 47, මුයින් අලී 16, රුබෙන් ට්‍රම්පල්මාන් 31/2)

නැමීබියාව - ඕවර 10 කදී කඩුලු 3 කට 84    
(මයිකල් වැන් ලින්ගෙන් 33, නිකොලාස් ඩේවින් ‍18, ඩේවිඩ් වීස් 27)

 

ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර ශාන්ත ලුසියාහිදී

ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 5 කට 180
(ජෝජ් මුන්සේ 35, බ්‍රෙන්ඩන් මැක්මුලන් 60, රිචී බෙරින්ටන් නොදැවී 42, මැතිව් කෘස් 18, ග්ලේන් මැක්ස්වෙල් 44/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 19.4 කදී කඩුලු 5 කට 186
(ට්‍රැවීස් හෙඩ් 68, මාකස් ස්ටොයිනිස් 59, ටිම් ‍ඩේවිඩ් නොදැවී 24, මාක් වොට් 34/2, ශෆ්‍යාන් ශරීෆ් 42/2)


අදහස් (0)

එංගලන්තය සුපිරි 8 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.