Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය හඹා යාම අරඹයි

එංගලන්තය හඹා යාම අරඹයි

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

එක්දින තරග කී‍්‍රඩා රටාවේදී එංගලන්තයට බොහෝ සෙයින් පසු පසට වැටී ඇතැයිද වැරැුදි ඉක්මනින් නිවැරැදි කරගත යුතු බවද එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩක ඔයින් මෝගන් පවසයි.

නවසීලන්ත පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගය ලකුණු 210 කින් ජයගත් නමුත් දෙවැනි තරගයේදී අත්වූ පරාජය නිසා තරගාවලිය මේ වන විටත් සම තත්ත්වයේ පවතී. තරගාවලියේ තුන්වැනි තරගය අද (14 වැනිදා) රාති‍්‍රයේ පැවැත්වේ.

1971 දී  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී ලොව පළමු එක්දින තරගය පැවැති අතර 1975 සිට මේ දක්වා එක්දින ලෝක කුසලාන තරගාවලි 11 ක් පවත්වා ඇතත් ඒ කිසිදු තරගාවලියකදී ශූරයන් වන්නට එංගලන්ත කණ්ඩායම අපොහොසත් විය.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිර්මාතෘවරුන් වන එංගලන්ත කණ්ඩායම පසුගිය කාලයේදී දැඩි අර්බුද රැසකට මුහුණ දුන්නේය.  ඕස්ටේ‍්‍රලියාවේ දී හා නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට අවසාන 8 දෙනාගේ වටයට පවා සුදුසුකම් ලැබීමට නොහැකි විය. සීමිත  ඕවර තරගවලදී එංගලන්ත කණ්ඩායම යොදාගන්නා උපක‍්‍රම යල්පැන ගිය ඒවා බව බොහෝ අවස්ථාවලදී එල්ල වූ චෝදනාවකි.

ලැජ්ජාවන් රැසකට මුහුණ දීමෙන් පසු ප‍්‍රහාරත්මක පන්දුවට පහරදීමේ රටාවක යොමුවීම පිළිතුර ලෙස බාරගැනීමට එංගලන්ත කණ්ඩායමට කටයුතු කර ඇත.

එම අන්තයෙන් බලන විට ඇලෙක්ස් හේල්ස්, ජේසන් රෝයි සහ බෙන් ස්ටෝක්ස් වැනි ප‍්‍රහාරත්මක පිතිකරුවන් නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී එංගලන්ත පිලට නව මුහුණුවරක් ගෙනෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

”අපට බාධක නොමැතිව ගමන් කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ වගේම ප‍්‍රතිවාදී කණ්ඩායම් හැකිතාක් දුරට පීඩනයට පත්කිරීමට වුවමනායි”

”දිගු කාලයක් තිස්සේ අපි එක්දින තරගවලදී සිටින්නේ පසුපසින්. අනෙක් කණ්ඩායම් අපව පසුකරගෙන බොහෝ දුරක් ගිහිල්ලා...ඒත් අපිත් ඔවුන් අල්ලාගන්නට, ඔවුන් හඹායා යුතුයි...මොනවා උනත් ඒ සඳහා ටික කාලයක් ගතවේවි” යැයි ඔයින් මෝගන් පවසයි.

රෝයි හා බෙන් ස්ටෝක්ස් දෙදෙනාටම ලෝක කුසලාන තරගාවලියේදී කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිව ගිය අතර ඇලෙක්ස් හේල්ස්ට කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලැබුණේ තරගාවලියේ අවසාන තරග දෙකට පමණි.

මේ කී‍්‍රඩයන්ව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට මෝගන් දැඩි අවශ්‍යතාවක් තිබෙන අතර වමත් වේගපන්දු යවන්නකු වන ඬේවිඞ් විලි හා තවත් වේගපන්දු යවන්නකු වන මාක් වුඞ් ද සංචිතයට ඇතුළත් කරගැනීමට මෝගන් කටයුතු කරමින් සිටියි.

”මම ආසවෙන් බලන් ඉන්නවා ඔවුන් කී‍්‍රඩා කරන තුරු, මම හිතනවා ඔවුන්ට ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිවී කියලා” මෝගන් පවසයි.

තරගාවලිය පුරා එංගලන්ත කණ්ඩායම කෙසේ වෙනස් කරනු ඇත්දැයි අපේකෂාවෙන් සිටි නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ට දැන් සිය සැලැසුම් පිළිබඳ නැවත සිතා බැලීමට සිදුව ඇත.

මෙම තරගාවලියට ආරම්භ වීමට පෙර එංගලන්ත සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අවසාන වරට මුණ ගැසුණේ ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදි පන්දු 225ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25කදී  ලකුණු 77ක් රැස් කිරීමට සමත්වූයේ එංගලන්ත පන්දු යවන්නන් තඹ දොයිතවකට මායිම් නොකරමිනි.

එංගලන්ත කණ්ඩායම හාත්පසින්ම වෙනස් මුහුණු වරක් ගෙන ඇතැයි තරගාවලිය ආරම්භ වීමට පෙර මැකලම් පවසා තිබුණි. ඒ ආකාරයෙන්ම එංගලන්තය වෙනස් වී ඇත. දැන් නවසීලන්ත කණ්ඩායමට වෙනස්වීමට සිදුව තිබේ.

”ඔවුන් නිවැරදි කණ්ඩායමක් තෝරගෙන තියෙනවා කියලා  මම හිතනවා. කණ්ඩායමේ සිටින බොහෝ දෙනකු නවක කී‍්‍රඩකයෝ. නමුත් ඔවුන් දක්ෂතාවලින් පරිපූර්ණයි. ඔවුන් පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් ප‍්‍රවේගකාරී කී‍්‍රඩකයෝ”
”මෙම තරගාවලිය සම්බන්ධයෙන් මා විමසිල්ලෙන් පසුවෙනවා. මා හිතනව තියුණු සටනක් තියේවි කියලා” යයි නවසීලන්ත නායකයා පවසා තිබුණි.

‘‘ඔවුන්ගේ කණ්ඩායම පෙන්නුම් කරන්නේ, ඔවුන්ට ප‍්‍රවේගකාරී ලෙස කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවයි. ඔවුන්ගෙ කණ්ඩායෙමන් ලැබෙන ප‍්‍රකාශවලට අනුව, භයානක කී‍්‍රඩකයන් පිරිසක් පෙනෙන හැඩයි. ඔවුන් අළු ගසා නැගිටින්න සූදානම් වෙන හැඩයි.’’ බ්‍රෙන්ඩන් මැකලම් වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

එංගලන්තය හඹා යාම අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.