Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර සිඞ්නිහිදී අද (13) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් එංගලන්තය කඩුලූ 9 ක ජයක් ලැබීය.
එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය තරගාවලියෙන් ඉවතට විසිවිය.
එංගලන්ත පිතිකරුවෝ ලකුණු 101 ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18.1 කදී එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
තරගයට අවස්ථාව දෙකකදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා එංගලන්ත පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 25 කදී ලකුණු 101 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.
ඇෆ්ගනිස්තානු පිල ඕවර 36.2 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියදී දෙවැනි වරටත් වර්ෂාව ඇදහැලීම නිසා ඉනිම අවසන් විය.
ඇෆ්ගනිස්තානු ඉනිමේ 9 වැනි ඕවරයේ පළමු වරට වර්ෂාව පතිතවී පැයකට අධික කාලයක් තරගය අත්හිටුවා තැබීමෙන් ඉනිමක් ඕවර 45 ක් දක්වා අඩු කෙරිණි. එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානයට ආරාධනා කළේය.
ඇෆ්ගනිස්තානය ඕවර 36.2 කදී කඩුලූ 7 ට 111 (නසීර් ජමාල් 17, ශෆිකුල්ලා 30, මොහොමඞ් නබී 16, ක‍්‍රිස් ජොර්දන් 13/2, රවී බොපරා 31/2)
එංගලන්ත පිල ඕවර 18.1 කදී කඩුලූ 1 ට 101 (ඇලෙක්ස් හේල්ස් 37, ඉයන් බෙල් නොදැවී 52)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.