Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක එංගලන්ත කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පර්ත් නුවරදී ඊයේ (9 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 73 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
මිචෙල් මාෂ් (36) සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 44 කදී ලකුණු 71 ක්ද, මාකස් ස්ටොයිනිස් (35) සමග එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 24 කදී ලකුණු 53 ක්ද එක් කිරීමට වෝනර් සමත් වුවද, එම සම්බන්ධතාවන් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පන්දු 26 කදී වාර්තා වූ මාෂ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 15 කදී වාර්තා වූ ස්ටොයිනිස්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින්ද සමන්විත විය.
එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ මාක් වුඩ්, සිය ඕවර 4 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔවුට අනගි සහායක් දුන් රීස් ටොප්ලි සහ සෑම් කරන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් ලබාගැනීමට සමත් විය. එහිදී ප්‍රාහාරාත්මක පිතිහරඹයක නිරත වූ නායක ජොස් බට්ලර් (68) සහ ඇලෙක්ස් හේල්ස් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 132 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ.
පන්දු 32 කට මුහුණදුන් බට්ලර් හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 51 කට මුහුණදුන් හේල්ස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය. නේදන් එලිස් ලකුණු 20 කට කඩුලු 4 ක් බිඳහෙළමින් ඕස්ටේ්රලියානු ඉනිමේ මැද පෙළ බිඳ දැමුවේය.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 208
(ජොස් බට්ලර් 68, ඇලෙක්ස් හේල්ස් 84, නේදන් එලිස් 20/3)
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 9 කට 200
(ඩේවිඩ් වෝනර් 73, මිචෙල් මාෂ් 36, මාකස් ස්ටොයිනිස් 35, මැතිව් වේඩ් 21, මාක් වුඩ් 34/3, සෑම් කරන් 35/2, රීස් ටොපිල් 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.