Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නොටින්හැම්හිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 242 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය.
එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.
එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමටද එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී සමත් වූ අතර ඒ නියමිත ඕවර 50 තුළදී කඩුලු 6 ක් ලකුණු 481 ක් රැස්කරමිනි. මින් පෙර ඔවුන් 2016 වසරේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 444 ක් රැස්කරමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 482 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්රලියානු කණ්ඩායමට ආදිල් රෂීඞ් ප්රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 37 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 239 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ආදිල් රෂීඞ් ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත්තේය. මුලින් අලී කඩුලු 3 ක්ද, ඬේවිඞ් විලී කඩුලු 2 ක්ද බැගින් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා රෂීඞ්ට අනගි සහායක් දුන්හ.
ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ට්‍රැවීස් හෙඞ් පන්දු 39 කදී සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර මාකස් ස්ටොයිනිස් පන්දු 37 කදී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරු ජෙනී බෙයාස්ට්‍රෝ (139) සහ ඇලෙක්ස් හේල්ස් (147) සමත් වූහ. පන්දු 92 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 15 ක් අන්තර්ගත වූ අතර පන්දු 92 කදී වාර්තා වූ හේල්ස්ගේ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් සමන්විත විය.
ජේසන් රෝයි (82) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 117 කදී ලකුණු 159 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාස්ට්‍රෝ, ඉන් නොනැවතී ඇලෙක්ස් හේල්ස් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පන්දු 61 කට මුහුණදුන් රෝයි හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසීය.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ නායක ඔයින් මෝගන් පන්දු 30 දී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 67 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව තවත් ඉහළ දැමීය.
ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ එංගලන්ත පිකිරුවන්ගෙන් දැඩි ලෙස පහර කෑමට ලක් වූ අතර එහිදී ඇන්ඩෘ ටේ යැවූ ඕවර 9 කදී ලකුණු 100 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. එහිදී ජේ රිචඞ්සන්ට එරෙහිව ලකුණු 92 ක් සහ මාකස් ස්ටොයිනිස්ට එරෙහිව ලකුණු 85 ක් රැස්කිරීමටද ඔවුහු සමත් වූහ.
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 481
(ජේසන් රෝයි 82, ජොනී බෙයාස්ට්‍රෝ 139, ඇලෙක්ස් හේල්ස් 147, ඔයින් මෝගන් 67, ජේ රිචඞ්සන් 92/3)
ඕස්ට්‍රේලියාව - ඕවර 37 කදී සියලු දෙනා දැවී 239
(ට්‍රැවිස් හෙඞ් 51, ෂෝන් මාෂ් 24, මාකස් ස්ටොයිනිස් 44, ඒරන් ෆින්ච් 20, ඇස්ටන් ඒගර් 25, ආදිල් රෂීඞ් 47/4, මුයින් අලී 28/3, ඬේවිඞ් විලී 56/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.