Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුගතදාස පිටියේදී ඊයේ (26) නිමාවට පත්වූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 - වයස 20න් පහළ බාලක ඉසව්වේ සිවු වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන් සිවු දෙනාට පින්ලන්තයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 - පිරිමි ඉසව්වේ පරිසාදන මට්ටම ඉක්මවා යමින් විශිෂ්ට දස්කම් පළ කිරීම මුළු තරගාවලියේත් වාර්තා වූ විශිෂ්ටතම දස්කම ලෙස සටහන් විය.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් එක් ඉසව්වකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනකු ලෝක ශූරතා පරිසාදන මට්ටම ඉක්මවා යමින්දස්කම් දැක්වූ පළමු අවස්ථාව මෙය වන බවයි.
මීටර් 400 වයස 20න් පහළ බාලක අවසන් තරගයේදී නව කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන තත්පර 46.59කට එහි ජයග්‍රහණය හිමිකර ගත්තේය.
ඒ අතර දෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව විදුහලේ පී.එම්.පී.එල්. කොඩිකාර ද (තත්පර 46.70) තෙවැනි ස්ථානය කොළඹ නාලන්දා විදුහලේ පබසර නිතු ද (තත්පර 47.17) හා සිවුවැනි ස්ථානය කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ තිවංක රමේෂ් ඉන්ද්‍රජිත් (තත්පර 47.64) හිමි කර ගත්හ.
තරගය නිමා වන විට එම ක්‍රීඩකයන් සිවු දෙනාම ලබන ජූලි 10 සිට 15 වැනිදා දක්වා පින්ලන්තයේ “ටැම්පේරේ” නගරයේදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම් කිරීමට සුදුසුකම් ලබා තිබුණි.
සුගතදාස පිටියේ නව කෘත්‍රිම ධාවන පථයේදී මැදි දුර ධාවන ඉසව් කිහිපයකදීම අපේක්ෂා කළ මට්ටමටත් වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම්හි ඉහළ අගයක් ගත් බව සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.
විශේෂයෙන්ම මීටර 400 ඉසව්හිදී එය වඩාත් කැපී පෙනුණි.ඒ ආකාරයෙන්ම මීටර 400 - වයස 20න් පහළ බාලිකා ඉසව්වේදීත් එහි තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවන්ගේ තරග නිමා කාලයන්හි ඉහළ අගයක් පෙන්නුම් කළේය.
එම ඉසව්ව තත්පර 54.36කට එහි නව කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවමින් ජයගත් වලලඒ. රත්නායක මැදි විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ,දෙවැනි ස්ථානයට පත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී (තත්පර 55.57) හා තෙවැනි ස්ථානයට පත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රොමේෂි ඉෂාරා අත්තිඩිය (තත්පර 55.88) ගේ දක්ෂතා එහිදී ඉහළම අගයක්ගෙන තිබුණි.
දින හතරක් පුරා වයස් කාණ්ඩ හතරකින් ඉසව් 150ක් දක්වා පැවැති මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළ කළ සුවිශේෂී දස්කම් හමුවේ එක් ශ්‍රී ලංකා වාර්තාවක්ද ඇතුළුව නව තරග වාර්තා 28ක් සටහන් විය.
එහිදී සුගතදාස පිටියේ නව ධාවන පථයේදී වාර්තා වූ ධාවන ඉසව්න ව වාර්තා ගණන 13කි. ඒ අනුව එම ධාවන පථය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුවිශේෂී වේගයක් ලබාදීමට සමත්ව ඇති බව පෙනේ. පිටියේ ඉසව්හි සුවිශේෂී දක්ෂතා අතර උස පැනීම, වයස 23න් පහළ බාලක ඉසව්වේදී එච්.ටී.යූ.එස්. පෙරේරා මීටර 2.20 ඉහළ දක්ෂතාවක් පළ කර තිබේ.
ඒ අතර ඉබ්බාගමුව මැදි විදුහලේ පී.අයි.එන්. පල්ලේගම උස පැනීම වයස 16න් පහළ බාලිකා කාණ්ඩයෙන් මීටර 1.71ක දක්ෂතාවක් (නව වාර්තාවකි) පළ කිරීමද එම වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාවගේ උස පැනීමේ වසර 10කට පසුව ඉහළම අගයකි.
මේ අතර ලබන මැයි 5-6 දෙදින කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කෙරෙහි ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ජාතික කනිෂ්ඨ තරගාවලියේදී පළවූ දස්කම් හමුවේ වඩාත් ඉහළ නැංවී තිබේ.
ඒ අතර ඒ සඳහාම එක් ඉසව්වකට උපරිම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් තිදෙනකු දකුණු ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සූදානම් වේ.
ඒ අනුව ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90කට වැඩිපිරිසකගෙන් සමන්විත සංචිතයක් ස්ථාපිත කෙරෙන අතර, තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කෙරෙන අවසන් තේරීම් තරගාවලිය ලබන සෙනසුරාදා (28) සුගතදාස පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අභියෝග ශූරතා කුසලානලාභීන්
වයස 16න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාවට පිරිනැමෙන සුසන්තිකා ජයසිංහ අභියෝග ශූරතා කුසලාන -
පී.පී.එන්.අයි. පල්ලේගම (ඉබ්බාගමුව මැදි විදුහල - උස පැනීම - නව තරග වාර්තාවකි)
වයස 16න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන “කුරේරා” අභියෝග ශූරතා කුසලානය - රුමේෂ් තරංග (ශාන්ත පීතර විදුහල - කවපෙත්ත විසිකිරීම - මීටර 55.34 නව වාර්තාවකි)
වයස 18න් පහළ - බාලිකා - දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන “දමයන්ති දර්ශා ශූරතා” අභියෝග ශූරතා කුසලාන-
පාරමි වසන්ති මාරිස්ටෙලා (කුලියාපිටිය මැදි විදුහල - මීටර 2000 - බාධක විනාඩි 6 තත්පර 59.63).
වයස 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන එන්. වෛරවනාදන් අනුස්මරණ කුසලාන -
සදීප දිල්ෂාන් ප්‍රනාන්දු (ශාන්ත බෙනඩික්ට් විදුහල - මීටර 110 කඩුලු තත්පර 14.60)
වයස 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාවට ප්‍රදානය කෙරෙන දේශබන්දු ලුතිනන් කර්නල් විමලදාස අනුස්මරණ කුසලාන-
දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ (වලල ඒ. රත්නායක මැදි විදුහල - මීටර 400 - තත්පර 54.36 නව වාර්තාවකි).
වයස 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට ප්‍රදානය කෙරෙන ස්ටැන්ලි තාබෲ අනුස්මරණ කුසලාන -
අනුර දර්ශන (අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසල - මීටර 400 - තත්පර 46.59 - නව වාර්තාවකි)
වයස 23න් පහළ දක්ෂතම ක්‍රීඩිකාවට ප්‍රදානය කෙරෙන කුසලාන -
පූර්ණිමා ජයමාලි ගුණරත්න (කළුතර - උස පැනීම මීටර 1.80 නව වාර්තාවකි).
වයස 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට ප්‍රදානය කෙරෙන කුසලාන -
උෂාන් තිවංක පෙරේරා - (ගම්පහ - උස පැනීම මීටර 2.20 - නව වාර්තාවකි)
තරගාවලියේ හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට ප්‍රදානය කෙරෙන කුසලානය -
උෂාන් තිවංක පෙරේරා (ගම්පහ - උස පැනීම මීටර 2.20 - නව වාර්තාවකි)
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සිව් වැනි (අවසන්) දිනයේ නව වාර්තා තුන් පිම්ම -
වයස 16න් පහළ - බාලක: පසිඳු මල්ෂාන් (මරදාන ශාන්ත ජෝශප් විදුහල - මීටර 13.52)
මිටිය විසි කිරීම -
වයස 20න් පහළ - බාලක එස්. පිරාගස්රාජ් (පේදුරුතුඩුව හර්ට්ලි ජාතික පාසල - මීටර 39.73)
මිටිය විසි කිරීම -
වයස 23න් පහළ - බාලක එස්.එස්.ඩී. පෙරේරා (ගුවන් හමුදාව - මීටර 42.81)
මීටර 400 - වයස 16න් පහළ බාලිකා:
කවිදි සංජනා එදිරිසිංහ - තත්පර 57.47 - (නාවල ජනාධිපති බාලිකා විදුහල.
මීටර 400 - වයස 20න් පහළ - බාලිකා:
දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ (වලල ඒ. රත්නායක මැදි විදුහල - තත්පර 54.36)
මීටර 400 - වයස 16න් පහළ බාලක:
ඉසුරු කෞෂල්‍ය අබේරත්න (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය - තත්පර 49.14) සිතුම් ජයසුන්දර (ශ්‍රීමත්ජෝ න් කොතලාවල ම.වි. - තත්පර 49.80 - පැරණි වාර්තාව සම කර තිබේ)
මීටර 400 - වයස 20න් පහළ බාලක:
අරුණ දර්ශන - අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ම.වී. තත්පර 46.59).
මීටර 2000 - බාධක - වයස 18න් පහළ - බාලිකා
පාරමී වසන්ති මාරිස්ටෙලා (කුලියාපිටිය මැදි විදුහල - විනාඩි 6 තත්පර 59.63)
මීටර 3000 - බාධක - වයස 23න් පහළ බාලක
ටී.එම්.එල්.සී. ගුණරත්න (යුද හමුදාව - විනාඩි 9 තත්පර 22.08).
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආරාධිත අමුත්තන් සමග. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එහි ලේකම් ප්‍රේමා පින්නවල, භාණ්ඩාගාරික ශාන්ත ද සිල්වා හා අනුග්‍රාහක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී රෝහණ එල්ලාවල යන මහත්වරු ද මෙහි වෙති |
වයස 16න් පහළ බාලක දක්ෂතම ක්‍රීඩකයා - රුමේෂ් තරංග |
වයස 16න් පහළ බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව - පී.පී.එන්.අයි. පල්ලේගම |
වයස 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - සදීප දිල්ෂාන් ප්‍රනාන්දු |
වයස 18න් පහළ - බාලිකා - දක්ෂතම ක්‍රීඩකයා- පාරමි වසන්ති මාරිස්ටෙලා |
වයස 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - අනුර දර්ශන |
වයස 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව - දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ |
තරගාවලියේ හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා - උෂාන් තිවංක පෙරේරා |
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.