Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එකම ශ්‍රී ලංකා වාර්තාව දක්සිතාගෙන්

එකම ශ්‍රී ලංකා වාර්තාව දක්සිතාගෙන්

editorial - 2024 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(නාමල් පතිරගේ)

දියගමදී ඊයේ (26) දැරූ උත්සාහය අත් හැර දැමුවත් ශ්‍රී ල‍‍ංකා  සුපිරි  කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්ට 2024 පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීම සදහා පංගු (වයිල්ඩ් කාඩ්) ක්‍රමය යටතේ තවත් එකම අවස්ථාවක් ඉතිරිව තිබේ.කෙසේවුවත් ඒ සදහා අවස්ථාව  හිමිවන්නේ දැනට පැරිස් ඔලිම්පික් නිර්දේශ  කඩ ඉමට ආසන්නවී සිටින මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනගෙන් එම අවස්ථාව ගිළිහී ගියොත් පමණි.

පැරිස්  ඔලිම්පික් තහවුරුවෙන් ඔහු මේ වන විට ඉසව්වේ 53 වැනි ස්ථානයේ පසුවේ.එහෙත්  ඒ සදහා ල්සුදුසුකම් ලබන්නේ ක්‍රීඩකයන් 48 දෙනෙකු  පමණි. ජාතික  තරගාවලියේ ලද ජයග්‍ර්‍රාණයෙන් ඔහුට පෙරේදා තවත් ප්‍රසාද ලකුණු 100 ක් එකතු විය.

මීටර්100 (පිරිමි) ඉසව්ව ඔලිම්පික් ක්‍ර්‍රීඩා පංගු ක්‍ර්‍රමයට ඇතුළත් මලල ක්‍රීඩා ඉසව්වක් වන බැවින් එවිට සුදුසුකම්  නොලත් ලේඛනය යටතේ ශ්‍රී  ලංකාවටත්  එම ඉසව්වෙන්  ක්‍රීඩකයෙකු  ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබෙන බව මලල ක්‍රීඩා  ආයතනය  පවසයි.

කෙසේවුවත්  ඒ සදහා  යුපුන්ට අවස්ථාව  ලබා දෙන්නේ ශාරීරික  යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව පමණක්  බව ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා  ආයතනයේ  ප්‍රධාන ලේකම්  සමන් කුමාර ගුණවර්ධන  මහතා පවසයි.

ඊට ආසන්නතම හේතුව ඉතාලියේ සිට මෙරට ජාතික  මලල ක්‍රීඩා තරගාවලියට  සහභාගිවීම සදහා දිවයිනට ළගාවූ යුපුන් අබේකෝන් පෙරේදා   තරග වදිමින් සිටියදී පාදයක  මස් පිඩු ඉරීමක් හේතුවෙන් අතරමග  ධාවනයෙන් ඉවත්වීමයි.

යුපුන්  ඒ හේතුවෙන්  දියගම මහින්ද  රාජපක්ෂ  පිටියේදීම අනිද්දා ( 30) පැවැත්වෙන විශේෂ තේරීම් තරගයට සහභාගිවීම පිළිබඳව මෙතෙක්   සනාථ  කර නැතැයිද වාර්තාවේ.  

ජාතික තරගාවලියේ යුපුන් තරග වැදීමට සූදානම්ව සිටි මීටර් 100 (පිරිමි) ඉසව්වේ ජයග්‍රහණය  හිමි වූයේ තත්පර 10.44 කට යුද හමුදා  ක්‍රීඩක වයි.සී.එම්. යෝධසිංහ විසිනි.

මේ අතර 102 වැනි ජාතික  මලල  ක්‍රීඩා  තරගාවලිය නිමාවට පත්වූ අද (27) දිනයේදී  රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන්  නව ශ්‍රී  ලංකා වාර්තාවක් පිහිටුවීමට යාපනයේ ක්‍රීඩිකාවක් සමත්වූවාය.තරගාවලියේදී වාර්තාවවූ එකම එම නව වාර්තාව රිටි පැනීම   (කාන්තා) ඉසව්වෙන් මීටර් 3.72 කට බිහි කළේ එන්. දක්සිතා විසිනි.

ඒ වසර 2022 දී සචිනි පෙරේරා  විසින් මීටර් 3.71 කට එහි  එතෙක් පිහිටුවා තිබූ  ශ්‍රී  ලංකා වාර්තාව සෙන්ටි මීටරයකින් උස් කරමිණි.

අද තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගත් මීටර් 800 (කාන්තා) ඉසව්ව   ගුවන් හමුදා ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි හා තියුණු තරගයක යෙදෙමින් ජය ගත්තේ ආසියානු රන් පදක්කම්ලාභීණි තරුෂි දිල්සරා කරුණාරත්න විසිනි. ඒ විනාඩි  2 තත්පර  04.22 කටය.නිමාලි එහි දෙවැනි තැන ගත්තේ විනාඩ් 2 තත්පර 04. 95 කටය. ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය කරමින්  තරුෂි අද තරග වැදුණාය.

ශ්‍රී ලංකාවේ ජාතික තරගාවලිය බී කාන්ඩයේ ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස ලෝක මලල  ක්‍රීඩා  ආයතනය  වර්ගීකරණය  කර තිබේ.ඒ අනුව ඉසව් ජයග්‍රහණය  වෙනුවෙන්  තරුෂිට තවත් ප්‍රාසාද  ලකුණු 100 ක් පැරිස්  ඔලිම්පික්  නිර්දේශය සදහා  අද එක් වුණි.

ඒ අනුව අද වනවිට මීටර්  800 (කාන්තා) ඉසව්වෙන්  පැරිස් ඔලිම්පික්  නිර්දේශයට ඇතුළත් කර ගන්නා ක්‍රීඩිකාවන් 45 දෙනෙකුගෙන් තරුෂි  43 වැනි ස්ථානයට පත්ව සිටියාය.

එහෙත්  මලල ක්‍රීඩා  ඉසව් සදහා නිර්දේශ  ලබා ගැනීමේ අවස්ථාව  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉරිදා (30) දක්වා හිමිව තිබේ.

ඉරිදා දියගමදී පැවැත්වෙන විශේෂ තේරීම්  පරීක්ෂණය සදහා  තරුෂි කරුණාරත්න මීටර්  600 ඉසව්වෙන් ඉදිරිපත් වීමට සූදානම්  වන බවද වාර්තාවේ. යුපුන් අබේකෝන්  මේ වන විට මීටර් 100 ඉසව්වෙන් පැරිස්  ඔලිම්පික් නිර්දේශ  නාමාවලියේ පසු වන්නේ 78 වැනි ස්ථානයේය.

එහෙත් ඊට සියළු නිර්දේශ කාන්ඩයන්ගෙන් ඉසව්වට ඇතුළත් කර ගන්නේ  ක්‍රීඩකයන් 56 දෙනෙකු  පමණි.එම තත්වය යටතේ ඔහුගේ ආබාධ තත්වයද සැළකිල්ලට  ගැනීමේදී  පංගු ක්‍රමයෙන් හැරෙන්නට  ඔහුට පැරිස්  ඔලිම්පික්  තහවුරුවට වෙනත් විකල්පයක් ඉතිරිව  නැති තරම්ය.

 


අදහස් (0)

එකම ශ්‍රී ලංකා වාර්තාව දක්සිතාගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.