Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

editorial - 2022 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දිල්ලි නුවරදී ඊයේ (11 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 19.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්, පන්දු 57 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 49 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 27.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෙන්රික් ක්ලාසන් පන්දු 42 කදී ලකුණු 34 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4.1 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. දකුණු අප්‍රිකානු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා යාදව්ට අනගි සහායක් දුන් වොෂින්ටන් සුන්දර්, මොහොමඩ් සිරාජ් සහ ශබාස් අහමඩ් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.    


දකුණු අප්‍රිකානු පිල - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 99  
(යනෙමන් මලාන් 15, හෙන්රික් ක්ලාසන් 34, මාර්කෝ ජැන්සන් 14, කුල්දීප් යාදව් 18/4, වොෂින්ටන් සුන්දර් 15/2, මොහොමඩ් සිරාජ් 17/2,  ශබාස් අහමඩ් 18/2)
 
ඉන්දීය පිල - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 105  
(ශුබ්මන් ගිල් 49, ශ්‍රෙයාස් අයියර් නොදැවී 28)

-036

 


අදහස් (0)

එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.