Last Update  :  2025-02-21 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එක්දින පන්දු යවන්නන් අතර අංක 1 තීක්‍ෂණට
එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

එක්දින පන්දු යවන්නන් අතර අංක 1 තීක්‍ෂණට

editorial - 2025 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර කරන ලද එක්දින ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් අනුව මහීෂ් තීක්‍ෂණ ලෝකයේ එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හිමිකරගෙන තිබේ. ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව, පළමුවැනි ස්ථානයේ සිටි ඇෆ්ඝනිස්තානු ක්‍රීඩක රෂීඩ් ඛාන් (ප්‍රසාද ලකුණු 669) දෙවැනි තැනට ඇද දමමින් මහීෂ් තීක්‍ෂණ (ප්‍රසාද ලකුණු 680) පළමු ස්ථානයට පැමිණියේය.

කෙසේ වෙතත් අද (19 වැනිදා) ආරම්භ වූ ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා නොකරන බැවින් මහීෂ් තීක්‍ෂණ පළමු ස්ථානයේ රැඳී සිටීම කෙටි කාලයක් සඳහා වනු ඇත. එක්දින පන්දු යවන්නන් අතරේ පළමු 10 දෙනා අතර සිටින ප්‍රබලයන් වන ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන් (669), ඉන්දියාවේ කුල්දීප් යාදව් (652), පාකිස්තානයේ ශහීන් ෂා අෆ්රීඩි (646) සහ දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් (642) සති තුනක් පුරා පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කරති.
 
තවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ සිටින චරිත් අසලංක 8 වැනි ස්ථානය හිමිකරගෙන සිටී. ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව පැවැති එක්දින තරග දෙකේදී අසලංකගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 127 සහ නොදැවී 78 ක් ලෙසිනි. එයින් පළමු තරගයේදී ඔහු ලබාගත් ලකුණු 127, අසලංක වසර 4 ක් පුරා සහභාගි වූ එක්දින තරග 73 දී කළ විශිෂ්ටතම පිතිහරඹය ලෙසින් අවිවාදයෙන් නම්කළ හැකිය. 

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ සෙසු පන්දු යවන්නන් වන වනිඳු හසරංග (19), දුනිත් වෙල්ලාලගේ (37), ඩිල්ෂාන් මධුශංක (53), අසිත ප්‍රනාන්දු (57) සහ ජෙෆ්රි වැන්ඩසේ (81) පළමු 100 දෙනා අතරට එක්ව සිටිති. 

ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියට පෙර 52 වැනි ස්ථානයේ සිටි වෙල්ලාලගේ ස්ථාන 15 ක් ඉදිරියට පැමිණ සිටින අතර 87 වැනි ස්ථානයේ සිටි අසිත ප්‍රනාන්දු ස්ථාන 30 ක් ඉදිරියට පැමිණ තිබේ. 

පෙබරවාරි 18 වැනිදා කළ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව එහි පළමු ස්ථානය ඉන්දියාවේ ෂුබ්මන් ගිල් (796) ට හිමිවී තිබේ. ෂුබ්මන් ගිල් මෙන්ම පාකිස්තානයේ බාබර් අසාම් (773), ඉන්දියාවේ රෝහිත් ෂර්මා (761), දකුණු අප්‍රිකාවේ හෙන්රි ක්ලාසන් (756), නවසීලන්තයේ ඩැරිල් මිචෙල් (740) සහ ඉන්දියාවේ විරාට් කෝලි (727) යන සියලු දෙනාම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටිති. 

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව පැතුම් නිස්සංක (13), කුසල් මෙන්ඩිස් (21), ජනිත් ලියනගේ (55), සධීර සමරවික්‍රම (64) සහ අවිශ්ක ප්‍රනාන්දු (69) පළමු එක්දින පිතිකරුවන් 100 දෙනා අතර සිටිති. 


අදහස් (0)

එක්දින පන්දු යවන්නන් අතර අංක 1 තීක්‍ෂණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.