Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ රග්බි කී‍්‍රඩා කරන ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේ (2014) හොං කොං පිලට එරෙහිව හෙට (03) පැවැත්වෙන තරගයේදී ෆීජි ක‍්‍රීඩකයන් තිදෙනකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසීය. මෙම කී‍්‍රඩකයන් තිදෙනාම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ බවද එම නිලධාරියා පැවසීය.
ෆීජිහි උපත ලැබූ අපිසායි, ජෝශප් ඩුන් සහ එමෝරි යන ක‍්‍රීඩකයෝ අද තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. මෙම තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.
දකුණු කොරියාවට එරෙහිව පැවැති තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් මේ තරගයේදී කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
එම තරගයට සහභාගි නොවූ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ෆාසීල් මරීජා සහ නුවන් හෙට්ටිආරච්චි අද තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. ඊට අමතරව ෂෙහාන් දිමිත‍්‍රි, සයුරු ඇන්තනී සහ දුෂාන්ත ලෙව්කේ තරගය ආරම්භයේ සිට ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම තරගයේදී ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස නාමල් රාජපක්‍ෂ කටයුතු කරයි.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 59-03 ක පරාජයක් ලැබීය. රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අපේක්‍ෂාවෙන් සිටින හොං කොං පිල ඔවුන්ගේ ප‍්‍රබලම කණ්ඩායම මෙම තරගයට යෙදවීමට සියලූම කටයුතු සූදානම් කර තිබේ.
හෙං කොං පිලේ පුහුණුකරු ලේ ජෝන්ස් පවසන්නේ හොඳම කණ්ඩායම පිළිබඳව තමන් හොඳින් දන්නා බවත් ලබන සතියේ දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන තරගයට හොඳම කණ්ඩායම තෝරා ගැනීමට මෙය අවස්ථාවක් බවත්ය.
මෙම තරගාවලියේ පළමු ස්ථානයට පත්වන රට 2015 වසරේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර අනු ශූරයන්ට ද සුදුසුකම් ලැබීමේ තරගය ජය ලැබුව හොත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබේ.
ආසියාවේ ප‍්‍රබලතම රග්බි කණ්ඩායම ලෙස සැළකෙන ජපානය හය වතාවක් ආසියානු ශූරයන් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය ලබන මේ මස 17 වැනිදා ද, කොළඹදී පැවැත්වීමට නියමිතය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර තරගය මැයි මස 10 වැනිදා ජපානයේදී පැවැත්වේ.
ආසියානු රග්බි ශූරයන් වන ජපානය ලෝක ශ්‍රේණිගත කිරීමේ 13 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. දකුණු කොරියාව 23 වැනි ස්ථානයේ ද, හොං කොං 26 වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව 39 වැනි ස්ථානයේ ද, පිලිපීනය 57 වැනි ස්ථානයේ ද, රැදී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.