Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එමිරේට්ස්ට පළමු ජයග්‍රහණය
විස්සයි-20 ලෝක කුසලාන

එමිරේට්ස්ට පළමු ජයග්‍රහණය

editorial - 2022 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

ලකුණු 149 ක ඉලක්කයක් කරා ගිය නැමීබියානු කණ්ඩායම ලකුණු 141 කට සීමා කළ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක මුල්ම ජයග්‍රහණය වාර්තා කළහ. ජිලෝන්ග් නුවරදී එමිරේට්ස් ක්‍රීඩකයන් ලබාගත් මෙම ලකුණු 07 ක ජයග්‍රහණය හේතුවෙන් නැමීබියානු කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ තුන් වැනි ස්ථානයටත්, එමිරේට්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයටත් පත් විය. 

නැමීබියානු පිතිකරුවන් එකා පසුපස එකා දැවී ගිය මෙම තරගයේ ඕවර 14 ක් අවසන් වන විට නැමීබියානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 76 ක් ලෙසිනි. තරගය ජයගැනීමට නම් අවසන් පන්දු 36 ක් ඇතුළතදී නැමීබියනු පිලට ලකුණු 73 ක් අවශ්‍යව තිබිණ. 

එතැන් සිට අවසන් ඕවර හයේදී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 9ක්, 18ක්, 10ක්, 16ක්, 6ක් සහ 6ක් වශයෙනි. පන්දු 36 කින් ලකුණු 55 ක් ලබාගත් ඩේවිඩ් වීසා සහ රූබන් ට්‍රම්පල්මන් (නොදැවී 25) අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් පැවැති නමුත්, ජයකණුව පෙනි පෙනී, ඩේවිඩ් වීසා දැවී ගියේය. 

එක්සත් අරාබි එමීර් රජ්‍යය - ඕවර 20 කදී කඩුලු 3 ට 148 යි 
(මොහොමඩ් වසීම් 50, විරිත්‍යා අරවින්ද් 21, චුන්දන්ගාපොයිල් රිස්වාන් නොදැවී 43, බැසිල් හමීඩ් නොදැවී 25) 

නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 8 ට 141 යි 
(මයිකල් වැන්ලින්ගන් 10, ගර්හාඩ් එරැස්මස් 16, යාන් ෆ්‍රයිලින්ක් 14, ඩේවිඩ් වීසා 55, රූබන් ට්‍රම්පල්මන් නොදැවී 25) 

 


අදහස් (0)

එමිරේට්ස්ට පළමු ජයග්‍රහණය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.