Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. - සෙබස්තියනයිට්ස් පෙරමුණ රැකගනිති
අන්තර් සමාජ මේජර් ලීග්

එස්.එස්.සී. - සෙබස්තියනයිට්ස් පෙරමුණ රැකගනිති

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 70 ක් නිමාවට පත්වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයද ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ රැකගැනීමට සිංහල ක්‍රීඩා සමාජයද (එස්.එස්.සී.) සමත්ව සිටියි.  

මේ දක්වා තරග 7 කට ක්‍රීඩා කර ඇති සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය ඉන් තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 10 කි. ඔවුන් ක්‍රීඩා කළ සෙසු තරග 2 වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර මේ වන විට ඔවුන් රඳවාගෙන සිටින ශූද්ධ ලකුණු වේගය 1.013 කි. 

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ මෙතෙක් සහභාගි වූ තරග 7 න් 5 ක් ජය ලබා, එක් තරගයක් පරාජය වී ලකුණු 11 කට හිමිකම් කියමිනි. එස්.එස්.සී. කණ්ඩායම සහභාගි වූ තරගයක්ද වර්ෂාවට සේදී ගිය අතර මේ වන විට ඔවුන් 0.776 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටියි. 

මීගමුව සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 4 ක් සහ එක් පරාජයක් බැගින් ලබා ලකුණු 9 කට බැගින් හිමිකම් කියන නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව පිළිවෙලින් ඔවුහු ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. ඔවුන් සහභාගි වූ එක් තරගය බැගින් වැස්සට සේදී ගියේය.  

හලාවත මේරියන්ස් සහ බ්ලූම්ෆීල්ඞ් යන ක්‍රීඩා සමාජ ලකුණු 9 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගයන් අනුව ඔවුන්ට පිළිවෙලින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිව තිබේ. මේ දක්වා මේරියන්ස් කණ්ඩායම ජයග්‍රහණය 4 කටද, බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම ජයග්‍රහණ 3 කටද හිමිකම් කියයි. 


අදහස් (0)

එස්.එස්.සී. - සෙබස්තියනයිට්ස් පෙරමුණ රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.