Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තයේ එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම අතර චෙම්ස්ෆර්ඞ්හි එසෙක්ස් ප‍්‍රාන්ත ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවැති පුහුණු එක්දින තරගයෙන් එසෙක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 22 ක ජයක් ලැබූහ.
ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 21 කදී ලකුණු 169 ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලූ 9 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 146 ක් පමණි. දිනේෂ් චන්දිමාල් පන්දු 25 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඉනිමක් ඕවර 21 ක තරගයක් ලෙස පැවැත්විණි.
පළමු පන්දුවට පහර දුන් එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම ඕවර දෙකකදී කිසිවකු නොදැවී ලකුණු 3 ක් ලබා සිටියදී වාර්ෂාව ඇද හැළීම නිසා පැය හතරකට අධික කාලයක් තරගය අත්හිටුවා තිබුණි.
සුරංග ලක්මාල් (21/2) සහ ධම්මික ප‍්‍රසාද් (30/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ. එසෙක්ස් පිල වෙනුවෙන් ඇලෙස්ටියාර් කුක් පන්දු 49 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සහභාගි වී සිටි තිසර පෙරේරා මෙම තරගයේදී පන්දු යැවීම ආරම්භ කළේය.
එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායමට එංගලන්ත පිල නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ඇලිස්ටෙයාර් කුක්, රවී බොපාරා සහ මොන්ටි පනීසාර් ඇතුළත්ව සිටියහ.
මෙම තරගය පුහුණු තරගයන් වූ හෙයින් එසෙක්ස් කණ්ඩායමට ක‍්‍රීඩකයන් 10 දෙනකු ක‍්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයෝ 11 දෙනකු ඇතුළත්ව සිටියහ.
එසෙක්ස් ප‍්‍රාන්ත පිල ඕවර 21 කදී කඩුලූ 5 ට 161 (ඇලිස්ටෙයාර් කුක් 71, බෙන් ෆෝකෙස් 51, ජේම්ස් ෆෝස්ටර් නොදැවී 12, තොම් වෙස්ට්ලි නොදැවී 16, සුරංග ලක්මාල් 21/2, ධම්මික ප‍්‍රසාද් 30/2)
ශ්‍රී ලංකා පිල ඕවර 21 කදී කඩුලූ 9 ට 146 (තිලකරත්න ඩිල්ෂාන් 22, දිනේෂ් චන්දිමාල් 31, ඇන්ජලෝ මැතිව්ස් 19, තිසර පෙරේරා 13, අෂාන් ප‍්‍රියංජන් 10, චතුරංග ද සිල්වා නොදැවී 20, ඔලිවර් නිව්බ්ලි 36/3, ග්‍රෙග් ස්මිත් 20/2, මොන්ටි පනීසාර් 27/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.