Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඒ කාණ්ඩයේ ශූරතාව පානදුර ශී‍්‍ර සුමංගලයට

ඒ කාණ්ඩයේ ශූරතාව පානදුර ශී‍්‍ර සුමංගලයට

editorial - 2022 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල සමත් විය. කොළඹ බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී සෙනසුරාදා (09 වැනිදා)  පැවැති අවසන් මහ තරගයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලූ 7 ක ජයක් වාර්තා කරමින් සුමංගල කී‍්‍රඩකයෝ දෙවැනි වතාවටත් ශූරතාවට හිමිකම් කීහ. 

ඉකුත් වසරේදීද (2021) දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා සිටි සුමංගල විදුහලට මෙවර ශූරතාව දිනාගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 2 ක මුදල් ත්‍යාගයක් හිමිවිය. අනු ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට රුපියල් 175,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමිණ. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 67 ක ඉලක්කයක් හඹාගිය සුමංගල විදුහල් කී‍්‍රඩකයෝ  ඕවර 14.5 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 30 කට මුහුණදුන් ආරම්භක පිතිකරු දුරංක සිල්වා හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක් රැස්කරමින් සුමංගල විදුහලේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමට විෂ්වර ළහිරු ප‍්‍රමුඛ සුමංගල විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ  ඕවර 29.3 ක් අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66 ක් පමණි. එහිදී ළහිරු ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගත් අතර රසික දිල්ෂාන් සහ හේෂාන් කාවින්ද කඩුලූ 2 බැගින් බිඳහෙළුෑහ. 

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සභාපති සහ කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පති විරාජ් එරංග ප‍්‍රනාන්දු පියතුමන් සහ පාසල් කි‍්‍රකට් සංගමයේ තරගාවලි ලේකම් නිෂාන්ත කුමාර මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සවට සහභාගී වූහ. 

කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල -  ඕවර 29.3 කදී සියලූ දෙනා දැවී 66 
(විෂ්ව ළහිරු 19/3, රසික දිල්ෂාන් 12/2, හේෂාන් කාවින්ද 14/2)  

පානදුර ශ්‍රී සුමංගල විදුහල -  ඕවර 14.5 කදී කඩුලූ 3 ක් දැවී 67 
(දුරංක සිල්වා 26, ගයාන් හර්ෂණ 09/3)  

-036


අදහස් (0)

ඒ කාණ්ඩයේ ශූරතාව පානදුර ශී‍්‍ර සුමංගලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.