Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඒගර් වෙනුවට ලැබුෂේන් කැඳවයි
ලෝක කුසලාන 2023

ඒගර් වෙනුවට ලැබුෂේන් කැඳවයි

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් වෙනුවට මැද පෙළ පිතිකරු මානස් ලැබුෂේන් ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කෙසේ වුවත් ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් තවදුරටත් සංචිතයේ රඳවාගැනීමටද ඔවුන් කටයුතු කර තිබේ.

ඔවුන් එසේ කිරීමට තීරණය කර ඇත්තේ ට්‍රැවීස්ගේ ආබාධ තත්ත්වය සුව අතට හැරෙමින් ඇති බැවින් ඔහුගේ සේවය තරගාවලිය මැද භාගයේ සිට හෝ ලබාගැනීමේ අරමුණින් යුතුවය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ සිවුවැනි තරගයේදී අතේ පන්දුව වැදීමෙන් ට්‍රැවීස් ආබාධයකට ලක් විය.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අනගි දායකත්වයක් සැපයූ ඒගර්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය තුළදී කළවේ ආබාධයකට ලක්විය. ඉන් අනතුරුව පළමු දරුවාගේ උපත වෙනුවෙන් යළි සිය නිවස බලා ගිය ඒගර්ට, ආබාධ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියද අහිමි විය.

කලකට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලියේදී ඕස්ටේ්‍රලියානු එක්දින කණ්ඩායමට ක්‍රීඩා කළ ලැබුෂේන්, තරග 5 කදී ලකුණු 283 ක් රැස්කිරීමට සමත් වූයේ ලකුණු 70.75 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඉන් අනතුරුව ඉන්දියාවට එරෙහිව පැවැති තරග 3 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 138 ක් රැස්කිරීමටද ඔහු සමත් විය.

මේ අතර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවුනද මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කරන මැතිව් ෂෝට් සහ ටන්වීර් සැන්හා ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග නිමාවන තෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉන්දියාවේ රැදී සිටිනු ඇත. ඔක්තෝබර් මස 8 වැනිදා ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.


ඕස්ට්‍රේලියානු සංචිතය
පැට් කමින්ස් (නායක), මිචෙල් මාෂ්, ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, මානස් ලැබුෂේන්, ට්‍රැවීස් හෙඩ්, කැමරන් ග්‍රීන්, ෂෝන් ඇබට්, ඇලෙක්ස් කේරි, ජොෂ් හෙසල්වුඩ්, ජොෂ් ඉංග්ලිෂ්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස් සහ ඇඩම් සම්පා

-036


අදහස් (0)

ඒගර් වෙනුවට ලැබුෂේන් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.