Last Update  :  2024-11-27 18:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඒෂාන් මාලිංග කෝටි 4 කට විකිණෙයි
අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය

ඒෂාන් මාලිංග කෝටි 4 කට විකිණෙයි

editorial - 2024 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සවුදි අරාබියේ ජේඩා නුවර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ 5 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග පත් විය. එහිදී ඔහුගේ සේවය ඉන්දීය රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ.

තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඒෂාන් මාලිංග වෙන්දේසියට ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක ලන්සුවක් යටතේය. ඔහුගේ සේවය මිලදී ගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග නිරත වූ කරට කර සටනකින් අනතුරුවය. 

දැනට පවතින විනිමය අනුපාතය අනුව ඒෂාන් මාලිංගට හිමිවන මුදල ශ්‍රී ලංකා රුපියල් හාර කෝටි දාහතර ලක්ෂයක් පමණ වනු ඇත. ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී සිවුවැනි ඉහළම මුදලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවටද මාලිංග පත්විය.
 
ඔහුට පෙර වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මුදලකටද, මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4 ක මුදලකටද මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූ අතර නුවන් තුෂාර ‍ඉන්දීය රුපියල් කෝටි 1.6 ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට අලෙවි විය. 

ඉන්දීය රුපියල් ලක්ෂ 75 බැගින් ගෙවමින් කමිඳු මෙන්ඩිස්ගේ සේවය මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමද, දුෂ්මන්ත චමීරගේ සේවය මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමද ඉදිරිපත් වූ නමුත් පැතුම් නිස්සංක, විජයකාන්ත් වියස්කාන්ත් සහ ඩිල්ෂාන් මධුෂංක මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.  

 

අදහස් (0)

ඒෂාන් මාලිංග කෝටි 4 කට විකිණෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.