Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුව් නිලවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අතුරින් 4 ක් නිලවරණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. වසර 8 ක පමණ කාලයක් ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙසින් කටයුතු කළ ඩයන් ගෝමස් මහතාගේ නමත් ප‍්‍රතික්ෂේප කරන ලද නම් අතර වෙයි.
මේ අතරවාරයේදී හිටපු උප සභාපතිවරයකු වන අසංග සෙනෙවිරත්න මහතාද සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගෙන තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර නැති බවද කියැවේ.
විධායක කමිටුවේ තනතුරු 12 ක් සඳහා මෙවර නිලවරණය පැවැත්වෙයි. එම තනතුරු 12 වන්නේ සභාපති (1යි), මහලේකම් (1යි), උප සභාපතිවරු (4යි), භාණ්ඩාගාරික (1යි), උප ලේකම් (1යි), උප භාණ්ඩාගාරික (1යි) සහ කමිටු සාමාජික (3යි) වශයෙනි.
ඩයන් ගෝමස් මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ඒ මහතා 2018 වසරේදී, ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගිවී ඇත්තේ පුහුණුකරුවකු ලෙසින් යන කාරණාව ඉස්මතු කරමිනි. ඔහු ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ නියෝජිතයකු වශයෙන් ශී‍්‍ර ලංකා බොක්සිං සංගමය විසින් නම්කර නැති බවද ජාතික ඔලිම්පික් කමිටුව කියයි.
ඩයන් ගෝමස් මහතා වසර 2004 සිට 2012 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ධූරයක් හෙබවූ අතර මේ වන විටත් ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ වත්මන් සභාපතිවරයාය. ඊට අමතරව ගෝමස් මහතා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතරම ආසියානු බොක්සිං සභාවේත් විධායක කමිටු සාමාජිකයෙකි.
ශී‍්‍ර ලංකා හොකී සම්මේලනය නියෝජනය කරමින් උප සභාපති තනතුරකට ඉදිරිපත්ව සිටි කමල් පුෂ්පකුමාර සහ දුන්නෙන් විදීමේ සම්මේලනය නියෝජනය කරමින් උප භාණ්ඩාගාරික තනතුරට ඉදිරිපත්ව සිටි මනෝජ් පද්මකුමාර යන මහත්වරුන් දෙදෙනාගේම නම් ප‍්‍රතික්ෂේප වී ඇත්තේද ඔවුන් අදාළ ජාතික සංගම් වල නියෝජිතයන් වශයෙන් නම්කරනු ලැබ නැතැයි කියමිනි. කෙසේ වෙතත් දුන්නෙන් විදීමේ සංගමය නියෝජනය කරමින් උප ලේකම් තනතුරට අයැදුම්කර තිබූ ධම්මික ප‍්‍රසාද් කරන්දෙණිගේ මහතා සිය නාමයෝජනාවට අත්සන් කර නොතිබිණ.
කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරුන් තිදෙනකු වන, මේ වන විට විශ‍්‍රාම ලබා සිටින ආර්. එම්. රත්නායක, එස් රනුක්ගේ සහ අනුර ජයවික‍්‍රම යන මහත්වරු ඔලිම්පික් නිලවරණ කමිටුවේ සාමාජිකයෝ ලෙසින් කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.